Cricket NewsEXCLUSIVEIPL

දැවැන්ත හයේ පහර දෙකක් එල්ල කරමින් පිටියේ ස්ථාවර වෙමින් සිටි භානුක රාජපක්ෂ Yuzvendra Chahalගේ පන්දුවක් හමුවේ දැවී යයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 52වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සමග Rajasthan Royals කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වී තිබෙනවා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Punjab Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා .

ඒ අනුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිස Punjab Kings පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසනයේ කඩුලු 5ක් දැවී ලකුණු 189ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

එහිදී Punjab Kings කණ්ඩායමේ අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි භානුක රාජපක්ෂ පන්දු 18ක් තුල ලකුණු 27ක් රැස් කිරීමට සමත් වුයේ දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර දෙකක් එල්ල කරමිනි.

කෙසේ නමුත් භානුක රාජපක්ෂ Yuzvendra Chahal විසින් යොමු කළ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැඩි දැවී ගියා, කෙසේ නමුත් ඒ වන විටත් Punjab Kings මුල් පෙළ පිතිකරුවන් ඉහළ ලකුණු පුවරුවක් කරා Punjab Kings ලකුණු පුවරුව ගෙනයාමට අවශ්‍ය අඩිතාලම දමා තිබීම විශේෂත්වයක්.

භානුක රාජපක්ෂ දැවී ගිය ආකාරය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7