Cricket NewsEXCLUSIVEIPLPremier LeagueUncategorized

අර්ශ්දීප් ප්‍රමුඛ පංජාබ් පන්දු යවන්නගෙන් පෙර තරඟයේ වාඩුව ගත් මුම්බායි කණ්ඩායමට කඩුලු 6 ක ජයක් !

පිට පිට දෙවන වතාවටත් ලකුණු 200 සීමාව ඉක්මවූ ඉලක්කයක් හඹාගොස් ජයග්‍රහණය කිරීමට අද මුම්බායි ඉන්දියන්ස් කන්ඩායම සමත් විය.ඒ අද මොහාලි හිදී සත්කාරක පන්ජාබ් කිංග්ස් කණ්ඩායමර කඩුලු 6 ක පාරාජයක් හිමිකර දෙමින්.

මීට සති කිහිපයකට ඉහතදීද මේ ආකාරයෙන්ම දෙපිල මුණ ගැසුණු නමුත් තරඟයේ ප්‍රථිපලය වූයේ තියුණු තරඟයකින් පසු මුම්බායි කණ්ඩායම පරාජය වීමයි.

මුම්බායි කණ්ඩායමට තීරණාත්මක වූ අද තරඟයේදී පෙර තරඟයේ වාඩුව ගන්නට මුම්බායි පිතිකරුවන් සමත් වද්දී ඔවුන් හමුවේ පෙර තරඟයේ වීරයා වූ අර්ශ්දීප් සිංගේ පන්දුවාර 3 කුත් පන්දු 5 ක් වූ කෝටාව දැක්වූයේ ලකුණු 66 කට එක් කඩුල්ලක් ලෙසින් වීමද විශේෂත්වයක්.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් මුම්බායි නායක රෝහිත් ශර්මා දවාන් ප්‍රමුඛ පංජාබයට මුලින්ම පන්දුවට පහර දෙන්නට ආරාධනා කල අතර ඒ අනුව මුලින්ම පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසි පංජාබ් ලකුණු පුවරුව නියමිත පන්දුවාර 20 අවසානයේදී දිස්වූයේ ලකුණු 214 ක් ලෙසින්.ලකුණු 95 ක් වද්දී මුල්පෙල පිතිකරුවන් තිදෙනාම ක්‍රීඩාගාරයේ අසුන් තෝරා බේරා වෙන්කරගනිද්දී පිටියේ එක්වූ ජිටේෂ් ශර්මා හා ලියම් ලිවිංග්ස්ටන් සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 119 ක නොබිඳුනු වේගවත් සබඳතාවයක් ගොඩනැගීය.

ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වෙමින් ලියම් පන්දු 42 කදී ලකුණු 82 ක් නොදැවී රැස් කල අතර ඔහුගේ ඉනිම හතරේ පහර හතකින් හා හයේ පහර හතරකින් වර්ණවත් විය.ඔහුට අනගි සහයක් ලබා දුන් ජිටේශ් ශර්මා හයේ පහර දෙකක් හා හතරේ පහර පහක් සමඟින් නොදැවී ලකුණු 49 ක් රැස් කලේය.

මුම්බායි කණ්ඩායම වෙනුවෙන් යලිත් සාර්ථක වූ පියූශ් චව්ලා කඩුලු දෙකක් බිඳ දැමීය.

ලකුණු 215 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන්නට පිටියට පිවිසි මුම්බායි පළමු කඩුල්ල ලෙසින් නායක රෝහිත් ශර්මා ලකුණු රැස්කිරීමට ප්‍රථමව දවාගන්නට රිශී දවාන් සමත් වූ අතර ඊයේ තරඟය මුම්බායි පිල වෙනුවෙන් රෝහිත්ගේ දෙසියවැනි තරඟය වීමද විශේෂත්වයක්.

ශර්මාගේ දැවී යාමෙන් අනතුරුව දෙවන කඩුල්ල ලෙසින් කැමරන් ග්‍රීන් ලකුණු 23 කට දැවී ගියේ පීඩනය තව දුරටත් මුම්බායි පිතිකරුවන්ට යොමු කරමින්.ග්‍රීන් ගේ දැවී යාමෙන් අනතුරුව පිටියේ එක්වූ සූර්‍ය කුමාර් යාදව් සමගින් එක්ව තෙවැනි කඩුල්ල සඳහා වේගවත් ලකුණු 116 ක සබඳතාවක් ගොඩනගන්නට ඉශාන් කිශාන් සමත් වූ අතර පන්දු 41 ලකුණු 75 ක් රැස් කරන්නට ඉශාන් කිශාන් සමත් වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහර හතරක් හා හතරේ පහර හතක් ක් අන්තර්ගත විය.යලිත් සාර්ථක වූ සූර්යා පන්දු 31 කදී ලකුණු 66 ක් රැස් කල අතර ඔහුගේ ඉනිම හයේ පහර 2 කින් හා හතරේ පහර අටකින් වර්ණවත් විය.

සූර්‍යා හා ඉශාන්ගේ කඩුලු දැවී යාමත් සමඟ යලිත් තරඟයට අවතීර්ණ වූ පංජාබ් පිලේ බලාපොරොත්තු විනාශ කර දමන්නට තිලක් වර්මා සමත් වූයේ අශ්දීප් සිං යොමු කල 17 වැනි පන්දුවාරයේ අවසන් පන්දු තුනට ලකුණු 16 ක් ලබාගනිමින්.අශ්‍දීප් යොමු කල 19 වැනි පන්දුවාරයේ පස්වැනි පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් නියමිත ඉලක්කය තවත් පන්දු 7 ක් ඉතිරිව තිබියදී පසු කරයන්නට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.

තිලක්වර්මා පන්දු 10 කදී ලකුණු 26 ක් රැස් කල අතර ඔහුගේ ඉනිම හයේ පහර තුනකින් හා හතරේ පහරකින් වර්ණවත් විය.

පන්දු යැවීමේදී පංජාබය වෙනුවෙන් නෙතන් එලිස් කඩුලු දෙකක් දවාගත් අතර රිශී දවාන්ද එක් කඩුල්ලක් බිඳ හෙලීය.

තරඟයේ වීරයා ලෙසින් ඉශාන් කිශාන් සම්මාන දිනාගත්තේය.

https://www.iplt20.com/videos/highlights

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button