Cricket NewsEXCLUSIVEIPL

“Punjab කණ්ඩායමේ Power Hitting පුහුණුකරුවෙක් වෙනම ඉන්නවා, මම ඒක කවදාවත් ලංකාවේ ක්‍රිකට් වල දැකලා නෑ” – භානුක රාජපක්ෂ

අවසන් කාල වකවානුව භානුක රාජපක්ෂ සිය දස්කම් වලට නියමාකාරයෙන් අගයක් ලබාගත් බව නම් මෙරට ක්‍රිකට් රසිකයන්ට මෙන්ම ක්‍රිකට් බලදාරින්ටත් තව දුරටත් රහසක් නොවේ.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් පවා ප්‍රතික්ෂේප වූ මොහොතක ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියේ පංජාබ් කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන පිතිකරුවෙකු වන්නට භානුක හට හැකිවිය.තරඟ තුනක් පුරාවට භානුක තමන්ට ආවේණිග ගණයේ ප්‍රහාරයේ ප්‍රශංසනීය මට්ටමක් විදහා පෑවේය.

නූතන විස්සයි විස්ස තරඟ රටාවට අතිශයෙන්ම උචිත වූ භානුක ගේ පිතිකරණය මෙවර ඉන්දියානු ප්‍රිමියර් ලීගය පුරාවටම කැපී පෙනෙන්නක් වුයේ ඉහලම දස්කම් දක්වන විදෙස් පිතිකරුවන් අතර ඔහු ඉදිරියෙන්ම සිටින නිසාය.

මීට දින කිහිපයකට ඉහතදී භානුක ESPNcrickinfo සමඟ මාධ්‍ය සාකච්ඡාවකට එක් වූ අතර එහිදී මාධ්‍යවේදියා
“පන්ජාබ් කිංග්ස් ලා පුහුණු වීම් සිදුකරන ක්‍රමය කෙබඳුද සහ ඔබ එයින් ඉගෙනගෙන ගත්තේ කුමක්ද? ” හනුවෙන් විමසීය.

එම පැනයට පිළිතුරු දුන් භානුක එය තමන්ගේ රටටද එම අත්දැකීම තිළිණ කල යුතු බව භානුක කියා සිටියේය.

“අපිට ඉන්නවා power hitting සඳහා වෙනම පුහුණුකරුවෙක්.ඔහු ජූලියන් වුඩ්.ඒක මම ජීවිතේ පළවෙනි වතාවට දැකපු දෙයක්. මම අවුරුදු දහයක් ලංකාවේ සිස්ටම් එකේ හිටියා, නමුත් මේක මට ගොඩක් අලුත් දෙයක්,

අපට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් එම පහසුකම් ලැබෙන්නෙ නැති තරම්.නමුත් අවම වශයෙන් මෙහි පැමිණ එය අත්විඳීමට අවස්ථාව ලබා දීම සහ එය හිමිවීම ඇත්තටම හොඳ අත්දැකීමක්, එවිට අපට එම අත්දැකීම නැවත ලංකාවේදී බෙදා ගත හැකිය. වුඩි සමඟ අපි විවිධ අභ්‍යාස කරමින් සිටිනවා.එය ක්‍රීඩකයන් ලෙස අපට උපකාර වෙන බව ප්‍රේක්ෂකයන්ටත් පෙනෙන්න තියනවා.

වගකීමක් ගන්න පුළුවන් කෙනෙක් මේක දකිනවනම් මේ වගේ වැඩපිළිවෙලක් ලංකාවෙත් තිබ්බොත් හොඳයි කියලා මට හිතෙනවා. එය අපිට උපකාර වේවි.මට කවදත් දැනුනේ මම අයිතීන් වෙනුවෙන් සටන් කරන කැරලිකාරයෙක් කියල. මම තවමත් එය කරන්න කැමතියි.

ශ්‍රී ලංකාවට පැමිණ සහයෝගය දැක්වීමට සුදුසු පුද්ගලයන් අවශ්‍ය බව මට හැඟෙනවා.මෙවැනි පිළිගැනීමක් ඇති පුහුණුකරුවන් අපට ලබා ගත හැකි නම්, අපට බොහෝ දුරක් යාහැකියි ” යනුවෙන් භානුක සඳහන් කර සිටියේය.

භානුක සඳහන් කල එකම කරුණ මෙය නොවූවත් අනෙකුත් කාරණා දෙසද බලන කල මෙය කෙතරම් දුරකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය ව ඇත්දැයි අවසන් කාල සීමාව තුලදී ඔබට පෙන්නට ඇත.මැදපෙල ප්‍රහරක පිතිකරුවන්ට ජාත්‍යන්තර පිටිය තුල සුපුරුදු දස්කම් අතරටද පිවිසෙන්නට මෙය මහඟු පිටුවහලක් වනු ඇත.

දකුණු අප්‍රිකාවට එරෙහිව බංග්ලාදේශය ජයගත් ඓතිහාසික එක්දින තරඟාවලියේ දීද බංග්ලාදේශය මෙම උපක්‍රමය හොඳින් ප්‍රයෝජනයට ගත්තේ හිටපු දකුණු අප්‍රිකාණු ක්‍රීඩක ඇල්බි මෝකල් තම කණ්ඩායමේ Power hitting පුහුණුකරු ලෙස එක් කරගනිමිනි.

ESPN Crickinfo මාධ්‍ය සාකච්ඡාව >>> https://www.espncricinfo.com/story/ipl-2022-bhanuka-rajapaksa-i-ve-always-felt-like-a-rioter-who-would-go-and-fight-for-the-rights-of-the-boys-1309555

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button