Cricket NewsEXCLUSIVEIPL

දැවැන්ත හයේ පහර 10ක් සහ හතරේ පහර 10ක් ඇතුලත් වේගවත් ලකුණු 140ක් සමග Quinton de Kock, IPL පිටිය එකම ගිනිකෙළි සැණකෙළියක් කරයි.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ වන විට තරඟාවලියේ අවසන් වටයට ලඟා වෙමින් තිබෙනවා.

මේ අතර අද තරගාවලියේ 84වන තරගය ලෙස දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරන Lucknow Super Giants සහ Kolkata Knight Riders කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වුනා.

Lucknow Super Giants කණ්ඩායම මේ වන විටත් අවසන් වටයේ ස්ථානයක් තහවුරු කරගෙන සිටින අතර මුල් ස්ථාන දෙක සඳහා ඔවුන් තරඟ වදිනවා. Kolkata Knight Riders කණ්ඩායමට මේ වන විටත් අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වී ගොස් තිබෙනවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල Lucknow Super Giants නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි Lucknow Super Giants පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 210ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

එහිදී Lucknow Super Giants වෙනුවෙන් ලකුණු 210ක නොබිඳුණු සබඳතාවයක් පැවැත්වූ Quinton de Kock සහ නායක KL Rahul සුපිරි ඉනිම් දියත් කිරීමට සමත් වුනා.

එහිදී Quinton de Kock පන්දු 70කට පමණක් මුහුණ දෙමින් වේගවත් ලකුණු 140ක් රැස් කිරීමට සමත් වුයේ දැවැන්ත හයේ පහර 10ක් සහ හතරේ පහර 10ක් එල්ල කරමිනි.

Quinton de Kockගේ එම විශිෂ්ට ඉනිම පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button