Cricket NewsEXCLUSIVEIPL

තරඟයේ තීරණය උඩු යටිකුරු කළ Evin Lewis රැකගත් මෙවර තරඟාවලියේ විශිෂ්ටතම උඩ පන්දුව.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ වන විට තරඟාවලියේ අවසන් වටයට ලඟා වෙමින් තිබෙනවා.

මේ අතර අද තරගාවලියේ 84වන තරගය ලෙස දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරන Lucknow Super Giants සහ Kolkata Knight Riders කණ්ඩායමත් අතර පැවැත්වුන තරඟයෙන් ලකුණු 2ක තියුණු ජයක් වාර්තා කිරීමට Lucknow Super Giants කණ්ඩායම සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල Lucknow Super Giants නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි Lucknow Super Giants පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 210ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

අවසන් මොහොතේ පවා Kolkata Knight Riders ජයග්‍රහණය කරා රැගෙන යාමට දැඩි වෙහෙසක් ගත් Rinku Singh පන්දු 15ක් තුල ලකුණු 4ක් රැස් කළා. එහිදී Kolkata Knight Riders කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දු 2ක් තුල ලකුණු 3ක් අවශ්‍ය වූ අවස්ථවේ Rinku Singh එල්ල කල පහරක් සාර්ථක උඩ පන්දුවක් ලෙස රැකගැනීමට Evin Lewis සමත් වුයේ තරඟයේ තීරණයම උඩු යටිකුරු කරමිනි.

මෙම උඩ පන්දු රැකගැනීම මෙවර තරඟාවලියේ විශිෂ්ටතම උඩ පන්දු රැකගැනීම ලෙස ක්‍රිකට් විචාරකයන් සඳහන් කර සිටියා.

එම විශිෂ්ට උඩ පන්දු රැක ගැනීම පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button