Cricket NewsEXCLUSIVEIPL

නායක හර්දික් පාණ්ඩ්‍යා ප්‍රමුඛ Gujarat Titans පන්දු බලඇණිය ඉදිරියේ Rajasthan Royals පිතිකරුවන් දණ නමයි.!

පසුගිය මාර්තු 26 වනදා අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සැලකෙන්නේ ලොව ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරගාවලිය ලෙසටයි.

එවන් සාර්ථක ආරම්භයක් සමග ආරම්භ වූ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රීයේ Ahmedabad හි නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වූයේ කලකට පසු පැවති IPL Closing ceremony අති උත්කර්ෂවත් ප්‍රසංගයෙන් අනතුරුවයි.

මෙවර තරගාවලියට අලුතින් ම එක් වූ Gujarat Titans කණ්ඩායම සහ වසර 14කට පසුව අවසන් මහා තරගයකට පිවිසි Rajasthan Royals කණ්ඩායම සමඟ අවසන් මහා තරඟය පැවැත්වෙන අතර කාසියේ වාසියේ දිනු Rajasthan Royals නායක Sanju Samson පළමුවෙන් පන්දුවට පහර දිමට තීරණය කලා.

ඒ අනුව පිටියට පිවිසි Rajasthan Royals පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 130 පමණයි.

Rajasthan Royals ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ Jos Buttler ලකුණු 39ක් රැස් කළ අතර ඒ සදහා ඔහු පන්දු 35ක් වැය කළා. Yashasvi Jaiswal ලකුණු 22ක් රැස් කළ අතර නායක Sanju Samson ලකුණු 14ක් රැස් කළා.

පන්දු යැවීමේදි Rajasthan Royals කණ්ඩායම සම්පුර්ණයෙන්ම සිය පාලනය යටතට ගත් නායක Hardik Pandya ප්‍රමුඛ පන්දු බලඇණිය නම් දැරෑ Rajasthan Royals පිතිකරුවන් පිටිය මැද අසරණ කිරීමට සමත් වුනා.

පන්දු යැවීමේදි විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නායක හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 17කට කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වුනා.

හර්දික් පාණ්ඩ්‍යාගේ එම සුපිරි පන්දු යැවීම පහතින් නැඹන්න

Jos Buttler Wicket

Hardik gets Samson in IPL final

Shimron Hetmyer Wicket

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7