Cricket NewsEXCLUSIVEIPL

ජනපති මෝදී, ඉන්දීය නළු නිළියන්, ගායකයන් ඇතුළු 125,000කට අධික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සහ ගිනස් ලෝක වාර්තාවක්ද සමග IPL 2022 අවසන් මහා තරඟය ඇරඹේ.!

පසුගිය මාර්තු 26 වනදා අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සැලකෙන්නේ ලොව ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරගාවලිය ලෙසටයි.

එවන් සාර්ථක ආරම්භයක් සමග ආරම්භ වූ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රීයේ Ahmadabad හි නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වූයේ කලකට පසු පැවති IPL Closing ceremony අති උත්කර්ෂවත් ප්‍රසංගයෙන් අනතුරුවයි.

ක්‍රිකට් ප්‍රේක්ෂකයන් 125,000කට අධික සංඛ්‍යාවක් සහිතව පැවැත්වෙන මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් මහා තරඟය ඇරඹීමට පෙරම අපූරු ගිනස් ලෝක වාර්තාවක් IPL නම ඉදිරියේ ලියැවුනා.

ඒ ලොව විශාලතම ක්‍රිකට් ජර්සිය එළිදක්වමින්, මෙම ජර්සිය දිගින් මීටර 66ක් සහ පළලින් මීටර් 44ක් වන අතර IPL Logoව සහ සියලුම කණ්ඩායමේහි Logo මෙහි සඳහන්ව තිබෙනවා.

මෙවර තරගාවලියට අලුතින් ම එක් වූ Gujarat Titans කණ්ඩායම සහ වසර 14කට පසුව අවසන් මහා තරගයකට පිවිසි Rajasthan Royals කණ්ඩායම සමඟ අවසන් මහා තරඟය පැවැත්වෙන අතර කාසියේ වාසියේ දිනු Rajasthan Royals නායක Sanju samson පළමුවෙන් පන්දුවට පහර දිමට තීරණය කලා.

ඒ අනුව Rajasthan Royals පිතිකරුවන් පිටියට පිවිස සිටිනවා.

IPL තැබූ ගිනස් ලෝක වාර්තාව පිළිබඳ වීඩියොව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7