Cricket NewsEXCLUSIVE

රමේශ් මෙන්ඩිස්ගේ සහ ලසිත් ඇඹුල්දෙණියගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයේ අභියසට.!

ලෝක ශුරතා ටෙස්ට් තරගාවලියට අදාළව පැවැත්වෙන සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයේ සිව්වන දිනය අදයි.

ඊයේ දිනයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට වර්ෂාව පතිත වීම හේතුවෙන් ඊයේ තරගය අතර මැද නවතා දමන්නට සිදු වුණා.

කෙසේ වෙතත් අද දිනයේදී නියමිත වේලාවට පැයකට පමණ පසු උදෑසන 10.30ට පමණ තරඟයේ සිව්වන දිනය ලෙස අද තරගය ආරම්භ වූවා.

අද දවස නිමා වන විට ජයග්‍රහණය සඳහා දෙවැනි ඉනිමේ දී ලකුණු 348 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටින බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් කඩුලු 6ක් දැවී ලකුණු 52ක් මේ වන විට ලබා තිබෙනවා.

ඒ අනුව කොදෙව්වන්ට මෙම තරගය ජයග්‍රහණය කිරීම සඳහා තවත් ලකුණු 296ක් හෙට දිනයේ දී ලබාගත යුතු අතර ‍ශ්‍රි ලංකා කණ්ඩායම තරඟය ජයග්‍රහණය කිරීමට නම් කඩුලු 4ක් දවා ගත යුතු වනවා.

බොහෝ විස්තර විචාරකයින් අදහස් පළ කරන්නේ හෙට දිනයේ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ආශ්‍රිත ප්‍රදේශයේ කාලගුණ තත්වය අයහපත් නොවුණහොත් තරගය ජය ගැනීමේ වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට තිබෙන බවයි.

තරඟයේ සිව්වන දිනය වන අද දිනයේ නිමාවන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටින කොදෙව් ක්‍රීඩක දෙපළ වන Nkrumah Bonner සහ Joshua Da Silv පිළිවෙළින් ලකුණු 18ක් සහ ලකුණු 15ක් ලබා කඩුල්ලේ රැඳී සිටිනවා.

ඉතා විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රමේෂ් මෙන්ඩිස් සහ ලසිත් ඇඹුල්දෙනිය කොදෙව් දෙවැනි ඉනිම සුනු විසුනු කිරීමට පටන් ගත්තේ ලකුණු 18ක් වන විට මුල්පෙළ කඩුලු 6ම කොදෙව්වන් ගෙන් උදුරා ගනිමිනි.

පන්දු යැවීමේදී රමේෂ් මෙන්ඩිස් කඩුළු 4ක් සහ ලසිත් ඇඹුල්දෙනිය කඩුලු 2ක් බිද හෙලුවා.

තරඟය පිළිපඳ කෙටි සටහනක් පහතින්

ශ්‍රී ලංකා පළමු ඉනිම – 386 (සියලු දෙනා දැවී)

කොදෙව් පළමු ඉනිම – 230 (සියලු දෙනා දැවී)

ශ්‍රී ලංකා දෙවන ඉනිම – 191/4

කොදෙව් දෙවන ඉනිම – 52/6 (පන්දුවට පහර දෙමින් සිටි)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7