Cricket NewsEXCLUSIVETrending Article

රංගන හේරත්ගෙන් සහ ඩිල්රුවන්ගෙන් පසුව දඟ පන්දුවෙන් ගාලු පිටිය රජ කරන, තරුණ රජ තුන් කට්ටුව.!

රංගයියා එක්ක ඩිල්රුවන් එකතු වෙලා ඒ දාපු ස්පෙල් ටිකෙ පිහිටෙන් පහුගිය අවුරුදු කිහිපය පුරාවටම අපි ගාල්ලෙ රජකම් කලා..

පරදින මැච් අනිත් පැත්තට හරවන්න අපේ දඟ පන්දුවට පුලුවන් වුනා.

හැබැයි එදා 2018 දී ගාලු පිටියෙන් රංගයියා සමුගෙන යද්දි නම් හිතුනෙම,

අපි ගාල්ලෙ රජකම් කරපු ඒ යුගයත් ඉවරයි කියලා.

හැබැයි රංගයියා ගිහින් මාස තුනක් යනකොට රංගයියගෙ ඇක්ෂන් එකම තියන, පොඩි වමත් කොල්ලෙක් අපිට ඓතිහාසික ජයක් අරන් දෙන්න පාර කැපුවා.

ඒ ගාල්ලෙදි නම් නෙවෙයි, ඒ ඩර්බන් වලදි.

එක ඉනිමකදි විකට් පහක් අරන් අපි ලැබුව ඓතිහාසික ජයක කොටස් කාරයෙක් වෙන්න එද ඒ පුංචි කොල්ලට පුලුවන් වුණා.

එදා ඉදන් අද වෙනකම් ඒ කොල්ලා මගෙ නම් විශ්වාසය කඩලා නෑ.

ඒ තමා ලසිත් ඇඹුල්දෙනිය.

ඇඹුල්දෙනියට ආව ඉන්ජර්ඩ් එකක් නිසා දැන් මාස කිහිපයකට කලින් තවත් වමතෙක් ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනුවා.

අද ඒ කොල්ලා ඇඹුල්දෙනියටත් අභියෝග කරන්න පටන් අරගෙන,

ඒ තමා ප්‍රවීන් ජයවික්‍රම.

වමතො දෙන්නෙක්ම හිටියට හැබැයි අපිට හිටියෙ නෑ ඩිල්රුවන්ගෙ දකුණත් පිට දග පන්දුවට පණ දෙන්න පුලුවන් කොල්ලෙක්.

හැබැයි මේ කොදෙව් තරඟාවලියෙදි අපිට හිතන්නෙ ඒකටත් විසදුම ලැබුණා.

ඒ තමා රමේෂ් මෙන්ඩිස්.

ඇඹුලටයි, ප්‍රවීන්ටයි දෙන්නටම අභියෝග කරන්න රමේෂ්ට පුලුවන් වෙලා තියෙන්ව.

මට නම් පෙන්නෙ අපෙ ටෙස්ට් කණ්ඩායමෙ ප්‍රධාන දග පන්දු යවන වෙන්න මේ කොල්ලො තුන් දෙනා අතර දැන් තියෙන්නෙ සීතල යුද්ධයක්.

රංගා , ඩිලා ගියාට මොකද

මේ කොල්ලො තුන් දෙනා ඉන්නකම්,

දැන් නම් හිතෙනවා අපිට තාමත් ගාල්ලෙ රජකම් කරන්න පුලුවන් වෙයි කියලා !

Cric Metric Srilanka හි සටහනක් ඇසුරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button