EXCLUSIVETrending Article

“ඇත්තටම අපි දිනලා ඉවරයි.. මුළු ආසියාවටම ගහලා ශ්‍රි ලංකා ක්‍රිකට් සිංහයෝ ආයෙමත් ඇහැරුනා කියලා දසුන් ප්‍රමුඛ අපේ වීරයෝ බය ඇති කරලා ඉවරයි” – අවසන් මහා තරඟය ක්‍රිකට් රසිකයකුගේ ඇසින්.!

මතකද ?

2015න් පස්සේ අපේ ක්‍රිකට් වැටුනු හැටි, සංගා මහේල නැතුව මේ ක්‍රිකට් අසරණ වුනු හැටි, එදා පණ ඇරලා හිටපු ප්‍රේක්ෂකයන් රොත්ත පිටියේ ක්‍රිකට් අමතක කල හැටි,

සමහරු පුරුද්දට බැන බැන හරි ක්‍රිකට් බලපු හැටි, ICC ඉවෙන්ට්ස් වල වෙනදා වේලාසනින්ම ෆයිනල් බුක් කර ගත්තු අපි ගෲප් ස්ටේජ් එකෙන්ම ගෙදර ගියා. සිම්බාබ්වේ ගෙන්නගෙන ලංකාවේදිම නින්දාසහත විදිහට පැරදුනා. ආසියානු කුසලාන දෙකක පලවෙනි වටයෙන්ම ගෙදර ගියා.

අන්තිමට ක්‍රිකට් බලන්න ආපු ප්‍රේක්ෂකයන් අතට අහු වෙන හැම දේකින්ම ක්‍රීඩකයින්ට ගහලා ඉන්දියාවේ ප්‍රේක්ෂකයන් ගානට වැටුනා.

කන්ඩායම් ක්‍රීඩාවක් වුනු මේ ක්‍රිකට් එකේ සමගිය නැති වෙලා තිබුනා.ගෑනූ හුටපට, ආගම් භේද අරකයි මේකයි රටේ නැති කතා අහන්න ලැබුනා. සමහර හිටපු ක්‍රීඩකයෝ කෙලින්ම කිව්වා මේ ක්‍රිකට් එක කවදාවත් ගොඩ ගන්න බැ කියලා. ප්‍රේක්ෂකයන් හුගාක් ඈත් වුනා. එහෙමත්ම පිරිසක් ක්‍රිකට් එක්ක මොන දේ වුනත් ජීවිත් වුනා.

අන්තිමට ප්‍රමෝද්‍ය ආවා.

තද තීරණ ටිකක් ගත්තා. ෆිට්නස් හැදුවා. පරණ අය වෙනුවට අලුත් අය ගෙනවා. බැනුම් අහගෙන එයාගේ වැඩේ කරා.
මිකී ආතර් අමතක කරන්නත් බැ. එයා තමයි මේ ගමනේ මුලින්ම හිටපු මිනිස්සු, අන්තිමට ක්‍රිස් සිල්වර්වූඩ් අද මිකි නතර කරපු තැනින් පටන් අරන් මේක ලස්සනට ඉස්සරහට ගෙනියනවා.

දසුන් ශානක,

මේ නම තමයි මේ වෙනසට ලොකුම හේතුව, අවුරුදු අටක් තිස්සේ නන්නත්තාර වුනු අපේ ක්‍රිකට් එක තනිකරම උඩුයටිකුරු කරා. කෑලි කෑලි වලට කැඩිලා හිටපු කන්ඩායම එකමුතුකමෙන් ක්‍රීඩා කරා. දිනන්න ඕනි ඇම්ම ආයෙමත් බෝ වුනා.
ඒ විදිහට දිගටම ගියා.

අන්තිමට අවුරුද්දක් වගේ කෙටි කාලයකින් අවුරුදු 8ක් තිස්සේ වැටුනු ක්‍රිකට් එක ආයෙමත් ලෝකයා ඉදිරියේ නම්බුකාර තැනකට මේ වනවිට ගෙනල්ලා ඉවරයි. ඔව් අපි අද අවුරුදු අටකට පස්සේ ෆයිනල් එකක් ක්‍රීඩා කරනවා. මිනිස්සු ආයෙමත් ක්‍රිකට් වලට ආදරේ කරනවා. ඉස්සර වගේම පුළුල් තිර දාලා ගමක් නගරයක් ගානේ අද උඹලා ක්‍රීඩා කරනවා බලන්න මිනිස්සු ලෑස්ති වෙලා ඉන්නවා.

ඉතිං… කුසලානය ගන්නම ඕනි නැ මේක දිනන්න. දැනටමත් අපි දිනලා ඉවරයි.

මේ කුසලානය කියන්නේ ඒ ජයග්‍රහණයේ එක සංඛේතයක් විතරයි. එය හිමි වුනා හෝ නොවුනා ඇත්තටම අපි දිනලා ඉවරයි.
මුළු ආසියාවටම ගහලා මුළු ලෝකෙටම ශ්‍රි ලංකා ක්‍රිකට් සිංහයෝ ආයෙමත් ඇහැරුනා කියලා දසුන් ප්‍රමුඛ අපේ වීරයෝ බය ඇති කරලා ඉවරයි.

පැරදුනු කාලේ ගියා. දැන් ආයෙමත් පරණ ශ්‍රි ලංකා ක්‍රිකට් ඇවිල්ලා තියෙන්නේ කියලා දසුන් ප්‍රමුඛ අපේ කොල්ලෝ ටික ලෝකෙටම කියලා ඉවරයි. ඉතිං අද අවුරුදු අටකට පස්සේ අපි ආයෙමත් ෆයිනල් එකක් ක්‍රීඩා කරනවා.

සංගා මහේලලා නැති ෆයිනල් එකක්, ඔව්…ඔවුන් ඒක කරා…ගොඩ ගන්න බෑ කියපු අපේ ක්‍රිකට් එක අවදි කරා !!!

දැන් තියෙන්නේ මේ දිනපු ජය කුසලානයෙන් සරසන්න විතරයි. ඉතිං ශ්‍රි ලංකා ක්‍රිකට්… අවුරුදු ගානක් දුක් විදපු අපිට,
අන්තිමට ක්‍රිකට් වලින් තියා කිසිම දේකින්, හව්හරණක් , සතුටක් නැති වුනු ජාතියකට, නැවතත් ගිලිහී ගිය සතුට, යළි රැගෙන ආවාට, උඹලට පිං… !!!

– Rishie Bro තැබූ සටහනක් ඇසුරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7