Cricket NewsEXCLUSIVE

රංජන් මඩුගල්ලේ, කුමාර් ධර්මසේන මහතා ඇතුළු තරඟ නිලදාරීන් නිළ වශයෙන් නම් කෙරේ.!

එළඹෙන ජනවාරි මස 16 වැනිදා සිම්බාබ්වේ පිලට එරෙහිව ආරම්භ වන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී තරග තීරකවරයා ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල තරග තීරක මඩුල්ලේ ප්‍රධානී රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කිරීමට නියමිත බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ඉහළම පිළිගැනීමකට ලක්ව සිටින මඩුගල්ලේ මහතාට අමතරව ලොව අංක 1 විනිසුරුවරයා ලෙසින් ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව සිටින කුමාර් ධර්මසේන මහතා ද විනිසුරුවරයකු ලෙසින් කටයුතු කිරීමට නියමිතය.

මොවුන් දෙපළට අමතරව ජාත්‍යන්තර විනිසුරුවරයකු ලෙසින් කටයුතු කරනු ලබන රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් සහ ප්‍රගීත් රඹුක්වැල්ල යන මහත්වරුන්ද එම තරගාවලියේ විනිසුරුවරුන් ලෙස කටයුතු කිරීමට නියමිතව සිටිති.

තරග තීරක – රංජන් මඩුගල්ලේ මහතා.

තරග විනිසුරුවරුන් – කුමාර් ධර්මසේන, රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල්, ප්‍රගීත් රඹුක්වැල්ල යන මහත්වරුන්.

තරග තීරක – රංජන් මඩුගල්ලේ මහතා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button