Cricket NewsEXCLUSIVE

ක්‍රිඩා අමාත්‍ය නාමල් සමග විශේෂ සාකච්චාවෙන් අනතුරුව භානුක රාජපක්ෂගේ අවසන් තීරණය.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් කලකට පසුව බිහිවූ සුපිරි ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස සැලකෙන භානුක රාජපක්ෂ මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත විශේෂ ලිපියක් යොමුකරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට කටයුතු කළා.

කෙසේ නමුත් මෙම තීරණය පිළිගැනීමට අකමැති වූ ශ්‍රී ලාංකේය ක්‍රිකට් රසිකයන් #Dontretirebhanuka නමින් සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් ආරම්භ කර සිටියේ භානුකව නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක් වන ලෙසයි.

ඒ අනුව මේ දිනවල සමාජ මාධ්‍යයන්ගේ ලැව් ගින්නක් මෙන් ව්‍යාප්ත වන ප්‍රධානතම පුවත බවට භානුක රාජපක්ෂගේ විශ්‍රාම යෑම පත් වී තිබෙනවා.

පසුගිය දිනෙක භානුක රාජපක්ෂගේ සමුගැනීමේ ප්‍රකාශය පිළිබඳව නැවත සලකා බලන ලෙසත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා ක්‍රීඩා අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ යටතේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ද ඉල්ලා සිටියා.

මේ අතර අද උදෑසන දී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් භානුක රාජපක්ෂව මුණගැසී මෙම ගැටලුව පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සිදු කර තිබෙන අතර භානුක රාජපක්ෂ තමන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට හේතුවු කරුණු මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයාට පැහැදිලිව සඳහන් කර තිබෙනවා.

ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වලට අනුව ඔහුගේ සමුගැනීමට ආසන්නම හේතුව යෝග්‍යතා පරීක්ෂණයේදි සළකා බලන Skinfold පරීක්ෂාව වන අතර අද උදැසන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා සමග මේ පිළිබඳවද සාකජ්ජා කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමට ඇතුළත් කිරීමේදි එහි Skinfold අගය 85 සිට 70 දක්වා අඩු කෙරුණු අතර භානුක මෙම පරිසාධන මට්ටමට පැමිණීම සදහා යම් කාලයක් ඉල්ලා ඇති බවත් ඒ සදහා නිසි ප්‍රතිචාර නොලැබීම භානුක රාජපක්ෂ ගේ හදිසි ජාත්‍යන්තර ක්‍රිකට් සමුගැනීමට හේතු වු බවත් මිට පෙර අභ්‍යන්තර ආරංචි මාර්ග සනදහන් කර සිටියා.

මේ අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා සමග අද පවතී විශේෂ සාකජ්ජවෙන් අනතුරුව අද භානුක රාජපක්ෂ සිය විශ්‍රාම ගැනීමට ගත් තීරණය පිළිබද අවසන් තීරණය හෙට (13) ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හට දැනුම් දීමට නියමිතව ඇති බව නවතම ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7