Cricket NewsEXCLUSIVEInternational

විස්සයි20 පිටියේ වේගවත්ම කඩුලු 150 වර්තාව රෂීඩ් ඛාන්ගෙන්

ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ අඩු තරග සංඛ්‍යාවකදී කඩුලු 150 සීමාව පසු කළ ක්‍රීඩකයා බවට පත්වීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායක රෂීඩ් ඛාන් සමත් වෙයි.

බංග්ලාදේශයට එරෙහිව ඊයේ පැවැති තරගයේදී සිය 149 වැනි කඩුල්ල ලෙස සෞම්‍ය සර්කාර් දවාගත් රෂීඩ් තව්හිද් හ්රිදෝයි දවා ගැනීමත් සමඟ කඩුලු 150 සීමාවට පිවිසේ. මේ තරගයේදී කඩුලු 4ක් දවා ගනිමින් ඔහු මේ වන විට කඩුලු 152ක් දවාගෙන ඇති අතර, රෂීඩ්ට පෙර කඩුලු 150 සීමාව පසු කළ නවසීලන්තයේ ටිම් සවුතිට ඒ සඳහා තරග 118ක් වැය විය.

මේ තරගයේදී රෂීඩ් කඩුලු 9ක් වාර්තා කළේ 9 වැනි වරට වන අතර, එය විස්සයි20 ජගත් තරග බිමේ කඩුලු 4 බැගින් බිඳ දැමූ වැඩිම වාර ගණන විය. මින් පෙර එම වාර්තාවට හිමිකම් කී බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් අවස්ථා 8කදී කඩුලු 4 බැගින් දවා ගෙන තිබිණි.

මේ වන විට විස්සයි20 ජගත් පිටියේ වැඩිම කඩුලුලාභියා වන සවුති තරග 126කදී කඩුලු 164ක් දවාගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු දවාගෙන ඇත්තේ විස්සයි20 නායක වනිඳු හසරංග වන අතර, තරග 68කදී කඩුලු 110ක් බිඳ හෙළා ඇති ඔහුට සමස්ත කඩුලුලාභීන් අතර හිමිව ඇත්තේ 9 වැනි ස්ථානයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button