Cricket NewsEXCLUSIVE

දුනිත් වෙල්ලාලගේ ඇතුළු යොවුන් සුපිරි තරු රැසක් විස්සයි-20 සහ සිව් දින තරඟාවලියක් සඳහා එළඹෙන මැයි මාසයේ එංගලන්තයට.!

සිව්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම එළඹෙන මැයි මසදී එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. මැයි මස පළමුවැනිදා එංගලන්තයට යෑමට නියමිත ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පළමුව තරග 3 කින් සමන්විත සිව්දින තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතය.

මැයි මස 06 වැනිදා කැන්ටබරිහි පැවැත්වෙන පළමු සිව්දින තරගයෙන් තරගාවලිය ආරම්භ වන අතර එම සිව්දින තරග 3 මැයි මස 20 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

නැගීඑන මට්ටමේ ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර මට්ටමින් අත්දැකීම් වඩ වඩාත් ලබාදීම අරමුණු කොට පැවැත්වෙනු ලැබෙන මෙම තරග සංචාරයේ දෙවැනි කොටස වන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය මැයි මස 25 වැනිදා ආරම්භ වේ.

සෙසු තරග මැයි මස 27 වැනිදා සහ මැයි මස 29 වැනිදා පැවැත්වෙනු ඇත.

මේ සඳහා සහබාගි වන ශ්‍රී ලංකා නැගී එන සංචිතය පහතින්

1. අවිශ්ක පෙරේරා
2. ලසිත් කෲස්පුල්ලේ
3. නිශාන් මධුෂ්ක
4. නුවනිඳු ප්‍රනාන්දු
5. අවිශ්ක තරිඳු
6. නිපුන් ධනංජය (4 Days Captain)
7. අශේන් බණ්ඩාර
8. දුනිත් වෙල්ලාලගේ
9. සන්තුෂ් ගුණතිලක
10. ධනංජය ලක්ෂාන් (T20 Captain)
11. මනෙල්කෙර් ද සිල්වා
12. දිලුම් සුධීර
13.අශේන් ඩැනියල්
14. නිපුන් මාලිංග
15. නිපුන් රන්සික
16. උදිත් මධුශාන්
17. යසිරු රොද්‍රිගෝ
18. අම්ශි ද සිල්වා

ප්‍රධාන පුහුණුකරු – රුවන් කල්පගේ
සහාය පුහුණුකරු – මලින්ද වර්ණපුර
වේගපන්දු පුහුණුකරු – චමිල ගමගේ
කළමනාකරු – විනෝදන් ජෝන්

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button