Cricket NewsEXCLUSIVEIPL

වනිදු හසරංගගේ විශිෂ්ට පන්දු යැවීමත් සමග KKR පරාජය කළ RCB කඩුලූ 3ක ජයක් වාර්තා කරයි – තරඟයේ විරයා වනිදු හසරංග

ක්‍රිකට් ලෝකයේ ඉහළම වානිජ වටිනාකමක් දරන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 2022 වසර සඳහා වන තරඟාවලිය පසුගිය දා අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ වූවා.

මෙවර තරගාවලියේ 6වන තරඟය ලෙස වනිදු හසරංග ක්‍රිඩා කරන Royal Challengers Bangalore කණ්ඩායම සහ චාමික කරුණාරත්න සාමාජිකත්වය දරන Kolkata Night Riders අතර පැවැත්වුනා.

එම තරඟයෙන් කඩුලු 3ක ජයක් හිමි කර ගනිමින් මෙවර තරඟාවලියේ සියප්‍රතම ජයග්‍රහණයට හිමිකම් කීමට Royal Challengers Bangalore කණ්ඩායම අද සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ RCB නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සදහා KKR වෙත ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Kolkata පිතිකරුවන්ට පන්දුවාර 18 කුත් පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 128ක් පමණයි.

වනිඳු හසරංග ප්‍රතිවාදී පිතිකරුවන්ට සිය පන්දුවාර 4තුල ලකුණු 20 ක් පමණක් ලබා දෙමින් කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වූයේ Kolkata Night Riders පිතිකරණ බලඇණිය සුනුවිසුනු කරමිනි.

ඔහුට අනගි සහයක් ලබාදුන් Akash Deep ද කඩුලු 3ක් බිඳ හෙලූ අතර Harshal Patel කඩුලු 2ක් හෙලිමට සමත් වුනා.

Kolkata ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Andre Russell ලකුණු 25 ක් රැස්කිරීමට සමත් වුණා. Sam billings ලකුණු 14ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 129ක පහසු ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Royal Challengers Bangalore පිතිකරුවන් පන්දුවාර 19කුත් පන්දු දෙකක් අවසානයේ ලකුණු 132ක් ලබා තරඟය ජයග්‍රහණය කළා.

RCB ඉනිමේ වැඩිම ලකුණු ලාබියා වූ Sherfane Rutherford ඉවසිලිවන්තව පිතිකරණයේ යෙදෙමින් ලකුණු 28ක් රැස් කල අතර Shahbaz Ahmed ලකුණු 27ක් රැස් කළා.

පන්දු 7කින් ලකුණු 14ක් රැස් කල Dinesh Karthik, Royal Challengers Bangalore සුරැකිව ජයග්‍රහණය වෙත රැගෙන ගියා.

තරඟයේ විරය ලෙස සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග සම්මානයට පාත්‍ර වුනා.
නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button