Cricket NewsEXCLUSIVEIPL

වනිඳු හසරංග IPL පිටියේත් පාලනය සියතට ගනී – KKR පිතිකරණ බලඇණිය සුණු විසුණු කරමින් වැඩ අරඹයි.!

මෙවර තරගාවලියේ 6වන තරඟය ලෙස වනිදු හසරංග ක්‍රිඩා කරන Royal Challengers Bangalore කණ්ඩායම සහ චාමික කරුණාරත්න සාමාජිකත්වය දරන Kolkata Night Riders අතර තරගය මේ වන විටපැවැත්වෙනවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ RCB නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සදහා KKR වෙත ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Kolkata පිතිකරුවන්ට පන්දුවාර 18 කුත් පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 128ක් පමණයි.

වනිඳු හසරංග ප්‍රතිවාදී පිතිකරුවන්ට සිය පන්දුවාර 4තුල ලකුණු 20 ක් පමණක් ලබා දෙමින් කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වූයේ Kolkata Night Riders පිතිකරණ බලඇණිය සුනුවිසුනු කරමිනි.

ඔහුට අනගි සහයක් ලබාදුන් Akash Deep ද කඩුලු 3ක් බිඳ හෙලූ අතර Harshal Patel කඩුලු 2ක් හෙලිමට සමත් වුනා.

Kolkata ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Andre Russell ලකුණු 25 ක් රැස්කිරීමට සමත් වුණා. Sam billings ලකුණු 14ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 129ක පහසු ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා Royal Challengers Bangalore පිතිකරුවන් පිටියට පිවිසීමට නියමිතය.

01

02

03

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7