Cricket NewsEXCLUSIVEIPL

දුෂ්මන්ත චමීරගේ Lucknow පරාජය කළ වනිඳුගේ RCB ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 31වන තරගය ලෙස ලෙස දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරන Lucknow Super Giants සමග වනිදු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් ලකුණු 18ක ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉහලට පැමිණීමට Royal Challengers Bangalore කණ්ඩායම සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල Lucknow Super Giants නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Royal Challengers Bangalore කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Royal Challengers Bangalore කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 181ක් රැස් කිරීමට සමත් වුණා.

Royal Challengers Bangalore වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ නායක Faf du Plessis පන්දු 64කදී ලකුණු 96ක් වාර්තා කිරීමට සමත් වුනා.

Shahbaz Ahmed ලකුණු 26ක් රැස් කළ අතර Glenn Maxwell ලකුණු 23ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Dushmantha Chameera සහ Jason Holder කඩුලු දෙක බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 182ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Lucknow Super Giants පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 163ක් පමණයි

Lucknow Super Giants ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Krunal Pandya පන්දු 28ක් තුල වෙගවත් ලකුණු 42ක් රැස් කල අතර KL Rahul ලකුණු 30ක් රැස් කළා.

පන්දු යැවීමේදී Josh Hazlewood කඩුලු 4ක් සහ Harshal Patel කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.

නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7