Cricket NewsEXCLUSIVEIPLSocial Reaction

Delhi Capitals පරාජය කරමින් PLAY-OFF වටයේ සිය ස්ථානය තහවුරු කළ Mumbai Indians කණ්ඩායමට RCB සිය ස්තුතිය පළ කරයි.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ වන විට තරඟාවලියේ අවසන් වටයට ලඟා වෙමින් තිබෙනවා.

මේ අතර තරගාවලියේ 69වන තරගය ලෙස Mumbai Indians සහ Delhi Capitals කණ්ඩායමත් අතර පැවති තීරණාත්මක තරඟයෙන් Mumbai Indians කණ්ඩායම කඩුලු 5කින් ජයග්‍රහණය කළා. මෙම පරාජයත් සමග Delhi Capitals කණ්ඩායමට PLAY-OFF වටය නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිව ගිය අතර වනිඳු හසරංග නියෝජනය කරන Royal Challengers Bangalore කණ්ඩායම ඒ සමගින් PLAY-OFF වටයේ සිය ස්ථානය තහවුරු කරගනු ලැබුවා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Mumbai Indians නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට Delhi Capitals පිතිකරුවන්ට ආරාධනා කර සිටියා,

ඒ අනුව පිටියට පිවිසි Delhi Capitals පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 159ක් රැස් කිරීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 160ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Mumbai Indians පිතිකරුවන් පන්දුවාර 19.1ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 160ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

එහිදී ඊයේ තරඟය ආරම්භ වීමට පෙර සිටම Royal Challengers Bangalore කණ්ඩායමේ සියලුම සමාජ මාධ්‍ය ගිණුම් නිල් පැහැයෙන් සැරසී තිබුනේ Mumbai Indians කණ්ඩායමට ප්‍රසිද්දියේම සහය පළ කරමිනි. RCB නිළ Logoව පවා නිල් පැහැයට වෙනස් කිරීමට ඔවුන් ඊයේ කටයුතු කර තිබුනා.

තරඟයෙන් අනතුරුවත් Mumbai Indians කණ්ඩායමට සුභ පැතීමට මෙන්ම ස්තුතිය පල කිරීමටත් Royal Challengers Bangalore කණ්ඩායම අමතක කර තිබුනේ නැහැ.

මේ තරඟයෙන් අනතුරුව Mumbai Indians කණ්ඩායමට ස්තුති කරමින් RCB සමාජ මාධ්‍ය ගිණුම් වල තැබූ සටහනකුයි.

Facebook post

Twitter Post

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button