Cricket NewsEXCLUSIVEIPL

කොදෙව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් වෙනුවෙන් කෝටි 12ක දැවැන්ත ලංසුවක් තැබීමට RCB කණ්ඩායම සැරසෙයි.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලිය සඳහා රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම රඳවාගත් ක්‍රීඩකයින් වනුයේ හිටපු විරාත් කෝලි, ග්ලෙන් මැක්ස්වෙල් සහ මොහොමඩ් සිරාජ් ය.

කෙසේනමුත් ඉන්දීය පුවත් පත් මෙන්ම අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ගද සඳහන් කර සිටිනුයේ ඉහත නම් සඳහන් රඳවා ගත් ක්‍රීඩකයන් තිදෙනාට අමතරව RCB කණ්ඩායම කොදෙව් ප්‍රභල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු පිළිබඳව අවධානයෙන් පසුවන බවය.

ගෙවී ගිය අවසන් කාලය තුලදී මෙම ආකෘතිය තුල වඩාත් කැපී පෙනෙන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසින් දස්කම් පෑ ජේසන් හෝල්ඩර් මෙවර වෙන්දේසියේදී RCB කණ්ඩායම විසින් මිලදී ගනු ඇති බව සඳහන්.

ඒ සඳහා ඔවුන් ඉන්දීය රුපියල් කෝටි 12 ක් දක්වා ඔවුන් ලංසු තැබීමටද අපේක්ෂා කරන බවට ඉන්දීය අභ්‍යතර ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කර තිබුණි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් මෙගා වෙන්දේසියේදී ඔහු වෙනුවෙන් දැඩි ලෙස ලංසු තැබීමට අපේක්ෂා කිරීමට බොහෝ කණ්ඩායම් ගණනක් අපේක්ෂා කරන බවත් ඒ අතුරින් RCB පිල ඉහලින්ම සිටී ඒ හේතුවෙන් වඩාත්ම මිල අධික මිලදී ගැනීම් වලින් එකක් බවට ජේසන් හෝල්ඩර් මෙවර පත් වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button