Cricket NewsEXCLUSIVEInternational

අබාධයද සමඟින් පිටියට පැමිණි පෝල් ස්ටර්ලිංගේ ශතකය අයර්ලන්ත ඉනිම සවිමත් කරයි!

සංචාරක අයර්ලන්ත කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් අතර පැවැත්වෙන තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟයේ දෙවන දිනය වූ අද දිනය ආරම්භ කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 319 ක් රැස් කරගෙන සිටි අයර්ලන්තය දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 399 ක් .

අද උදෑසන සැසියේ පළමු කඩුල්ල ලෙසින් ලොක්‍රන් ටකර් ලකුණු 80 ක් රැස් කරගෙන සිටිද්දී දැවීගියේ විශ්ව ප්‍රනාන්දු යොමු කල පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමත් සමඟිනි.

ඉන් අනතුරුව පිටියට එක්වූයේ ඊයේ දිනයේදී ආබාදයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වූ පෝල් සටර්ලිං සිය කුළුදුල් ටෙස්ට් ශතකය වාර්ථා කරන්නට අද සමත් වූ අතර ඔහු ලකුණු 104 ක් රැස් කරගෙන සිටියදී දැවී ගියේ අසිත ප්‍රනාන්දු යොමු කල පන්දුවක් හමුවේ දනංජය ද සිල්වා අතට උඩපන්දුවක් ලබාදෙමින්.

තවමත් කඩුල්ලේ නොදැවී ක්‍රීඩා කරන කර්ටිස් කැම්පර් ලකුණු 60 ක් හා ඇන්ඩි මැක්බ්‍රයන් ලකුණු 11 ක් රැස් කරගෙන සිටින අතර දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට අයර්ලන්ත ලකුණු පුවරුව දිස්වූයේ කඩුලු 6 කට ලකුණු 399 ක් ලෙසින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button