Cricket NewsEXCLUSIVEIPL

ලකුණු 2කක් අවශ්‍ය වූ Arshdeep Singh යොමු කළ තරඟයේ අවසන් පන්දුවට ලකුණු 4ක් එල්ල කරමින් Rinku Singh විසින් KKR ජයග්‍රහණය තහවුරු කරයි.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 53වන තරගය ලෙස Punjab Kings කණ්ඩායම සහ Kolkata Knight Riders කණ්ඩායම් අතර පැවති තරඟයෙන් කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට Kolkata Knight Riders කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Punjab Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම ට තීරණය කළා.

එ අනුව පන්දුවට පහර දුන් Punjab Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 179ක් රැස් කිරීමට සමත් වුණා.

Punjab Kings වෙනුවෙන් විශිෂ්ට Shikhar Dhawan පන්දු 47කදී ලකුණු 59ක් වාර්තා කිරීමට සමත් වුනා. Shahrukh Khan වේගවත් ලකුණු 21ක් රැස් කළ අතර Jitesh Sharma ලකුණු 21ක් රැස්කිරීමට සමත්වුණා.

ඒ අනුව ලකුණු 180ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Kolkata Knight Riders පිතිකරුවන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 182ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Kolkata Knight Riders ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක Nitish Rana පන්දු 38ක් තුල වෙගවත් ලකුණු 51ක් රැස් කල අතර Andre Russell ලකුණු 42ක් රැස් කළා.

පන්දු යැවීමේදී Rahul Chahar කඩුලු 2ක් බිඳ හෙලුවා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
4
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button