Cricket NewsEXCLUSIVE

මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය පාකිස්ථානයෙන් ඉවත් කර ශ්‍රී ලංකාවට ලබා දීමට, ආසියානු ක්‍රිකට් කවුන්සිලය සුදානම් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.!

ආසියානු ක්‍රිකට් කවුන්සිලය (ACC) විසින් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය පකිස්ථානයෙන් ඉවතට ගෙන යාමට සූදානම් වීමත් සමඟ එළඹෙන ආසියානු කුසලාන තරඟාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවැත්වීමේ සුදානමක් පිළිබඳව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2023 තරගාවලිය මේ වසරේ සැප්තැම්බර් මසදී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය සැලසුම් කර තිබු අතර ඉදිරියේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය පන්දුවාර 50 තරගාවලියක් බැවින් එය ඉලක්ක කොට පන්දුවාර 50 තරගාවලියක් ලෙසින් පකිස්ථානයේ දී පැවැත්වීමටයි සැලසුම් කර තිබුනේ.

කෙසේ නමුත් පකිස්ථානය දිගින් දිගටම තරඟාවලිය සිය රට තුල පැවැත්වීමට උත්සහ කරමිනි සිටින අතර යම් හෙයකින් එය වෙනත් රටක පැවත්වුනහොත් පකිස්ථානය තරඟාවලිය වර්ජනය කිරීමටද ඉඩ තිබෙනවා.

එමෙන්ම ඉන්දියාව පකිස්ථානයේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමග පකිස්ථානය විසින් ඉන්දියාව සමග පැවැත්වෙන සියලු තරඟ ඩුබායි හි පැවැත්වීමට සැලසුම් කලත් තරඟාවලියේ විකාශකයන් ඒ සම්බන්දයෙන් සිය අසතුට ප්‍රකාශ කර තිබෙනවා.

එපමනක් නොව, සැප්තැම්බර් මාසය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උච්චතම ග්‍රීෂ්ම සෘතුව ආරම්භ වන බැවින් පන්දුවාර 50 ලෝක කුසලානයට මාසයක් වැනි කාලයක් තිබියදී ගල්ෆ් කලාපයේ ක්‍රීඩා කිරීම පිළිබඳව අනෙකුත් ක්‍රිකට් ආයතන නොසතුට ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම ACC සාමාජිකයින්ගේ මෑතකදී පැවති නිල නොවන රැස්වීමකදී, ඕමානය පවා තරඟාවලියේ සත්කාරකත්වය ලබා දීමට ඉදිරිපත් වූ නමුත් ශ්‍රී ලංකාව මෙම තරඟාවලියේ සත්කාරකත්වය ලබා දීම සඳහා සුදුසුම රට ලෙස ACC විසින් තීරණය කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය සඳහන් කර සිටිනවා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්භන්දයෙන් සඳහන් කර සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත කිසිදු නිළ දැනුම්දීමක් තවමත් සිදු කර නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
2
+1
3
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button