Cricket NewsEXCLUSIVEIPL

භානුක රාජපක්ෂගේ Punjab Kingsට එරෙහිව Rishabh Pant ගේ Delhi Capitals තරඟ වදින IPL පිටියේ ගිණිකෙලි සංග්‍රාමය අද රාත්‍රියේ..

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 31වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ Delhi Capitals කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Delhi Capitals හි නායකත්වය Rishabh Pant විසින් දරන අතර Punjab Kings හි නායකත්වය Mayank Agarwal විසින් දරනවා.

Punjab Kings කණ්ඩායම මේ වන විට තරඟ 6කට සහබාගි වී ඉන් තරඟ 3ක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ 7වන ස්ථානයේ පසුවනවා. Punjab Kings සහබාගි වූ මුල් තරඟ දෙකෙහිදීම Punjab Kings වෙනුවෙන් සටන්කාමී ඉනිම් දියත් කිරීමට ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ සමත් වුනා. තෙවැනි තරඟයේදී ඔහු දුවද්දී දැවී යාමකට හසු වුනා.

අනතුරුව පැවති සිව් වන/ පස් වන සහ හය වන තරඟය වලට භානුකගේ ස්ථානයට Jonny Bairstow ක්‍රීඩා කිරීමට පැමිණියත් ඔහුට සාර්ථක වීමට අවස්ථාවක් ලැබුනේ නැහැ. කෙසේ නමුත් අද තරඟයේදී Odean Smith වෙනුවට භානුක රාජපක්ෂ ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා. කෙසේ නමුත් ඒ සම්භන්ද නිළ තොරතුරක් තවමත් ලැබී නැහැ.

Delhi Capitals කණ්ඩායම ද මේ වන විට තරඟ 5කට මුහුණ දී ඉන් තරඟ 2ක් ජය ගෙන ප්‍රසාද ලකුනු සටහනේ 8 වන ස්ථානයේ පසු වනවා.

ඒ අනුව Delhi Capitals සහ Punjab Kings අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

අද තරගයට ක්‍රීඩා කිරීමට වැඩිම ඉඩකඩක් ඇති සංචිත පහතින්

Delhi Capitals –

Prithvi Shaw, David Warner, TimSiefert Or Anrich Nortje, Rishabh Pant (C & WK), Rovman Powell, Lalit Yadav, Axar Patel, Shardul Thakur, Kuldeep Yadav, Mustafizur Rahman, Khaleel Ahmed

Punjab Kings –

Shikhar Dhawan (C), Prabhsimran Singh, Jonny Bairstow, Liam Livingstone, Jitesh Sharma (wk), Shahrukh Khan, Odean Smith Or Bhanuka Rajapaksa, Kagiso Rabada, Rahul Chahar, Vaibhav Arora, Arshdeep Singh

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7