Cricket NewsEXCLUSIVEIPL

අද තරඟය සඳහා Punjab Kings කණ්ඩායමට Nathan Ellis කැඳවයි – භානුක රාජපක්ෂට අදත් කණ්ඩායමේ ස්ථානය අහිමි වෙයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 32වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ Delhi Capitals කණ්ඩායමත් අතර තරඟය මිට සුළු මොහොතකට පෙර ආරම්භ වුවා.

Delhi Capitals හි නායකත්වය Rishabh Pant විසින් දරන අතර Punjab Kings හි නායකත්වය Mayank Agarwal විසින් දරනවා.

Punjab Kings කණ්ඩායම මේ වන විට තරඟ 6කට සහබාගි වී ඉන් තරඟ 3ක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ 7වන ස්ථානයේ පසුවනවා. Punjab Kings සහබාගි වූ මුල් තරඟ දෙකෙහිදීම Punjab Kings වෙනුවෙන් සටන්කාමී ඉනිම් දියත් කිරීමට ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ සමත් වුනා. තෙවැනි තරඟයේදී ඔහු දුවද්දී දැවී යාමකට හසු වුනා.

අනතුරුව පැවති සිව් වන/ පස් වන සහ හය වන තරඟය වලට භානුකගේ ස්ථානයට Jonny Bairstow ක්‍රීඩා කිරීමට පැමිණියත් ඔහුට සාර්ථක වීමට අවස්ථාවක් ලැබුනේ නැහැ.

කෙසේ නමුත් ප්‍රවීණ ක්‍රිකට් විචාරකයන් සඳහන් කර සිටියේ තුන් ඉරියව් ක්‍රීඩක Odean Smith වෙනුවට භානුක රාජපක්ෂට Punjab Kings කණ්ඩායමේ ස්ථානයක් වෙන් වනු ඇති බවටයි. කෙසේ නමුත් අද දිනයේ Delhi Capitals කණ්ඩායම සමග ආරම්භ වූ තරඟයට Odean Smith ඉවත් කර එම ස්ථානයට ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Nathan Ellisව කැඳවා තිබෙනවා.

ඒ අනුව Delhi Capitals සහ Punjab Kings අතර පැවැත්වෙන තරඟයට ක්‍රීඩා කරන සංචිත පහතින්

Punjab Kings

Shikhar Dhawan, Mayank Agarwal(C), Jonny Bairstow, Liam Livingstone, Jitesh Sharma(W), Shahrukh Khan, Nathan Ellis, Kagiso Rabada, Rahul Chahar, Vaibhav Arora, Arshdeep Singh

Delhi Capitals

Prithvi Shaw, David Warner, Rishabh Pant(C)(W), Rovman Powell, Lalit Yadav, Sarfaraz Khan, Axar Patel, Shardul Thakur, Kuldeep Yadav, Mustafizur Rahman, Khaleel Ahmed

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button