Cricket NewsEXCLUSIVE

ජයග්‍රහණය කර තිබූ තරඟය ශ්‍රී ලංකාවෙන් උදුරාගත් Rod tucker විනිසුරු වරයාගෙ දුර්වල තීරණය දැඩි  විවේචනයට ලක් වෙයි.!

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 5කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ අද පැවති දෙවන තරඟයේදි සුපිරි පන්දුවාර දක්වා ගිය තරඟය ජයග්‍රහණය කරමින් තරඟාවලියේ තව දුරටත් පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුනා.

අද තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව කඩුලු 6ක් දැවී ලකුණු 164ක් රැස් කිරීමට සමත් වුනා.

ඒ අනුව ජයග්‍රාහි ඉලක්කය ලෙස ලකුණු 165ක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමටද ලබා ගත හැකි වුයේ ලකුණු 164ක් පමණක් වීම හේතුවෙන් තරඟය සම වූවා.

එහිදී මහීෂ් තීක්ෂණ මුහුණ දුන් 19.5 වන පන්දුව දැඩි ආන්දෝනයක් ඇති කිරීමට සමත් වු අතර එම පන්දුව වයිඩ් පන්දුවක් වුවත් වයිඩ් පන්දුවක් ලෙස විනිසුරුවරයා සටහන් නොකිරීම කැපී පෙනෙන සිදුවීමක් වුවා.

කෙසේ නමුත් එම පන්දුව වයිඩ් පන්දුවක් ලෙස විනිසුරු සටහන් කරනු ලැබුවේනම්. තවත් ළකුණක් සමග පන්දුවක්ද හිමි වීමට තිබු අතර තරඟයේ ජයග්‍රහණයද ශ්‍රී ලංකාවට හිමි වීමට ඉඩ තිබුනා.

ජාත්‍යන්තර විචාරකයන් අතර පවා දැඩි කතා බහක් ඇති කිරීමට සමත් වූ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර තිබු තරඟය උදුරාගත් එම ආන්දෝලනාත්මකම විනිසුරු තීරණය ඇතුලත් වීඩියොව පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button