Cricket NewsEXCLUSIVEIPL

ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂව IPL ක්‍රීඩක වෙන්දේසියේදී Punjab Kings විසින් ඉහළ මිලකට මිලදී ගනී.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේ අවසන් දිනය වූ අද දිනය පුරාවට බොහෝ ක්‍රීඩකයන් ගණනක් වෙන්දේසි විය.ඊයේ දිනයේදී එතරම් උත්සුක නොවූ කණ්ඩායම් කිහිපයක් අද දිනයේ ක්‍රීඩකයින් රාශියකට තම සංයුතිය සකසා ගැනීම වෙනුවෙන් ලංසු තැබීය.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ වෙන්දේසි වූ පස්වැනි ක්‍රීඩකයාද ඒ අතරට එක්වූ අතර ඒ ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු බානුක රාජපක්ෂ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම මිලදී ගැනීමත් සමඟය.

මෙවර වෙන්දේසියේදී භානුක හට හිමිවූ මූලික ලංසුව ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක් (ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 134ක්)වන අතර ඔහුව එම මුදලටම මිලදී ගන්නට පංජාබ් කිංග්ස් කණ්ඩායම කටයුතු කර තිබුණි.

මෙවර භානුක ඉන්දීය ප්‍රිමියර් ලීගය නියෝජයනය කල පළමු අවස්ථාව වන අතර , මෙවර තරඟාවලිය නියෝජනය කරන පස්වැනි ක්‍රීඩකයා වන්නේද භානුක රාජපක්ෂ ය.

ඒ අනුව මේ වන විට,

වනිදු හසරංග – රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්

දුෂ්මන්ත චමීර – ලක්නව් සුපර් ජයන්ට්ස්

මහීෂ් තීක්ශන – චෙන්නායි සුපර් කිංග්ස්

චාමික කරුණාරත්න – කොල්කටා නයිට් රයිඩර්ස්

භානුක රාජපක්ෂ – පන්ජාබ් කිංග්ස්

ලෙස IPL හි වෙන්දේසි වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button