Cricket NewsEXCLUSIVE

දිගින් දිගටම බලධාරීන්ගේ කැපිල්ලට හසු වන රොෂේන් සිල්වා සහ තවත් ක්‍රීඩකයන් 4ක් කිසිදු අවස්ථාවක් නොදීම සංචිතයෙන් ඉවත් කරයි.!

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ දෙකකින් යුතු ටෙස්ට් තරඟාවලිය සඳහා නම් කර සිටි ශ්‍රී ලංකා සංචිතයෙන් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු නිදහස් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

පළමු තරඟය ක්‍රීඩා කල දුශ්මන්ත චමීරද ඒ අතර වන බව සඳහන්.

කෙසේ නමුත් ලබන 29 වැනිදා ආරම්භ වීමට නියමිත දෙවන හා අවසන් ටෙස්ට් තරඟය සඳහා වන සංචිතයෙන් දුශ්මන්ත චමීර, රොශේන් සිල්වා, සුමින්ද ලක්ෂාන්, අසිත ප්‍රනාන්දු, කමිල් මිශාර එම සංචිතයෙන් නිදහස් කර තිබෙන ක්‍රීඩකයන් 5 දෙනා වේ.

ටෙස්ට් පිටියේ දක්ෂතා දක්වන රොෂේන් සිල්වාට මෙසේ අවස්තවක් ලබා දී එකඳු තරඟයක් හෝ ක්‍රීඩා කිරීමට අවස්තවක් ලබා නොදීම ඉවත් කිරීම කෙතරම් දුරට සාධාරණදැයි ප්‍රශ්නාර්ථයක් මතු වනවා.

කෙසේ නමුත් අවසන් මාස කිහිපය තුලදී දුශ්මන්ත චමීර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තරඟ ආකෘති තුන තුලදීම කාර්‍යබහුල වූ බැවින් ඔහුට විවේකයක් ලබාදීම සඳහා මෙලෙස නිදහස් කර ඇති බවද සඳහන්.

සෙසු ක්‍රීඩකයන් සිව් දෙනා නිදහස් කිරීමට හේතුවක් තවමත් නිලවශයෙන් ක්‍රිකට් ආයතනය විසින් කිසිදු ප්‍රකාශ කර නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7