Cricket NewsEXCLUSIVEInternational

ක්‍රිකට් ලෝකයේ බිහි වූ බිහිසුණුම පිතිකරුවා ක්‍රිස් ගේල්ට කොදෙව් දේශයෙන් විශේෂ උත්තමාචාර අවසන් තරඟක් පිරිනමයි.!

බටහිර ඉන්දීය කොදෙව් දේශයෙන් ක්‍රිකට් ලෝකයට අත් පොත් තැබූ විස්සයි-20 ක්‍රිකට් පිටියේ බිහිවූ බිහිසුණුම පිතිකරුවා ලෙස හැඳින්වෙන Universal Boss හෙවත් Chris Gayle එළඹෙන 2022 වසරේ ජනවාරි මාසයේදී ඔහු උපන් දේශය වන ජැමෙයිකාවේදි පැවැත්වෙන විස්සයි විස්ස තරගයකට ක්‍රීඩා කරමින් සෑම ආකාරයේ ජාත්‍යන්තර ක්‍රිකට් ඉසව්වකටම සමුදීම ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර සිටිනවා.

පසුගියදා අවසන් වුණු මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ද ක්‍රිස් ගේල් ක්‍රීඩා කළ අතර මෙවර ලෝක කුසලානයෙන් අනතුරුව ඔබ ක්‍රිකට් දිවියට සමු දෙන්නේදැයි මාධ්‍ය වේදියෙකු ඇසූ ප්‍රශ්ණයට පිළිතුරු ලබාදෙමින් ගේල් විසින් ප්‍රකාශකර සිටියේ තමන්ට ජැමෙයිකාවේ තවත් එක් තරගයක් ක්‍රීඩා කිරීමට ලබා දෙන්නේ නම් එහිදී සිය ප්‍රේක්ෂකයින්ට ගෞරව කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට නිල වශයෙන් සමු දීමට හැකි බවයි.

මේ පිළිබඳව අවධානය යොමු කළ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය ක්‍රිස්ගේල් ට එම ස්වර්ණමය අවස්ථාව ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.

කොදෙව් ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂක ධුරය දරනු ලබන්නේ කොදෙව් දේශයෙන් බිහිවූ විශිෂ්ට නායකයෙකු සහ ලෝක කුසලාන දෙකක් සියතට ගත් විශිෂ්ටයකු වන Darren Sammy විසිනුයි.

ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංගලාට, නුවන් කුලසේකරලාට, උපුල් තරංගලාට ශ්‍රී ලංකාවේ දී මුහුණ දුන් අත්දැකීම කොදෙව් දේශයෙන් බිහිවූ විශිෂ්ටයාට අත් නොවීමට එරට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබීම නම් අපූරුය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7