Cricket NewsEXCLUSIVE

දිගින් දිගටම තමාට සිදුවන කෙනෙහිලිකම් වලට පිත්තෙන් පිළිතුරු දෙන රොශේන් සිල්වා පළමු පෙල ලකුණු 9000සේ සිමාව පසු කරයි.!

නිරන්තරයෙන්ම ක්‍රිකට් බලධාරීන්ගේ අඩු සැලකිල්ලට නතු වූ රොශේන් මේ දිනවල පැවැත්වෙන නැශනල් සුපර් ලීග් තරඟාවලියේදී තවත් කඩයිමක් පසු කර යාමට සමත් වුනා.

ජාතික කණ්ඩායම 2019 වසරේදී අවසන් වරට ඔහු නියෝජනය කරන විට ඔහු ජාත්‍යන්තර පිටිය තුල හොඳින් දස්කම් අතර රැඳී සිටි අතර නැශනල් සුපර් ලීග් තරඟාවලියේ කොළඹ හා ගාල්ල කණ්ඩායම අතර පැවැති තරඟයේ කොළඹ දෙවන ඉනිම වෙනුවෙන් අර්ධ ශතකයක් රැස් කරන්නට රොශේන් සමත් වුනා.

යලිත් පළමු පෙල පිටියේ සාර්ථක වූ රොශේන් සිය පළමු පෙල ලකුණු 9000 සම්පූර්ණ කළා.

රොශේන් පළමු පෙල දත්ත වඩාත් ස්ථාවර වූ අතර නිරන්තරයෙන් ඔහුගේ ලකුණු සාමාන්‍ය ලකුණු 50 වටා රඳවාගන්නට ඔහු සමත් වීම විශේෂත්වයක්. ජාතික කණ්ඩායමට අවශ්‍ය වූ මැදපෙල පිතිකරුවෙකු ලෙසින් දස්කම් දැක්වූ නමුත් 2019 වසරෙන් පසුව ඔහු ජාතික කණ්ඩායම තුල දක්නට නොලැබීම ඊටත් වැඩ විශේෂත්වයක් වනවා.

2006 වසරේදී පළමු පෙල වරම් දිනාගත් රොශේන් එයින් වසර 16 ක් ගත වන විට පළමු පෙල පිටියේ ලකුණු 9000 ක් තම නම ඉදිරියෙහි ලියාගත්තේය.ශතක 25 අර්ධ ශතක 40 ක් සමඟින් තරඟ 139 කට එක්වූ ඔහු ඉනිම් 221 කදී ලකුණු 9044 ක් රැස් කලේය.ඔහුගේ සාමාන්‍ය එහිදී සටහන් වූයේ ලකුණු 49.69 ක් ලෙසින් ය.

ක්‍රිකට් කරවන ඇත්තන්ගේ නිරන්තර කෙනෙහෙලි කම් නොවන්නට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට නිත්‍ය මැදපෙල පිතිකරුවෙකු ලෙසින් රොශේන් යොදාගන්නට අවකාශය තිබුණි.මන්ද රොශේන් ඒ බව ලද අවස්ථාවන්ගෙන් මනාව පෙන්නුම් කර අවසන් නිසාවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7