Cricket NewsEXCLUSIVEIPL

පසුගිය වසරේ ශූරයන් වූ CSK පරාජය කරමින් Shreyas Iyer ප්‍රමුඛ KKR මෙවර IPL තරඟාවලිය ජයග්‍රාහීව ආරම්භ කරයි.!

ක්‍රිකට් ලෝකේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අද ආරම්භ වූයේ පසුගිය වසරේ ශූරතාවය ජයග්‍රහණය කළ Chennai Super Kings කණ්ඩායම සහ අනුශූරයන් වූ Kolkata Night Riders කණ්ඩායම අතර තරඟය ආරම්භ කරමිනි.

අද පැවැත්වුණු ප්‍රථම තරගයෙන්ම පසුගිය වසරේ ශූරතාව ජයග්‍රහණය කළ Chennai Super Kings පරාජය කරමින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අති සාර්ථක ආරම්භයක් ලබාදීමට KKR කණ්ඩායම අද සමත් වුණා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ KKR නායක Shreyas Iyer ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සදහා CSK කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Chennai Super Kings කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 131ක් පමණයි.

CSK හි වැඩිම ලකුණුලාභියා වූ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි පන්දු 38ක් තුළ ලකුණු 50ක් රැස් කිරීමට සමත් වූයේ මෙවර තරගාවලියේ ප්‍රථම අර්ධ ශතකය සිය පිත්තෙන් වාර්තා කරමිනි.

Robin Uthappa ලකුණු 28ක් රැස් කළ අතර නායක Ravindra Jadeja ලකුණු 36ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Umesh Yadav කඩුලු දෙකක් ලබා ගැනීමට සමත් වුනේ ප්‍රතිවාදී පිතිකරුවන්ට ලකුණු 20ක් පමණක් ලබා දෙමිනි.

වරුන් චක්‍රවර්ති සහ Andre Russell එක් කඩුල්ල බැගින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 132ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Kolkata Night Riders පිතිකරුවන් පන්දුවාර 18 කුත් පන්දු 3ක් අවසානයේ ජයග්‍රාහි ලකුණු සීමාව පසුකර යෑමට සමත් වුණා.

කොල්කටා නයිට් රයිඩර්ස් වෙනුවෙන් සුපිරි ඉනිමක් දියත් කළ Ajinkya Rahane ලකුණු 44 ක් රැස්කිරීමට සමත්වුණා.

Sam Billings ලකුණු 25 ක් රැස් කළ අතර Nitish Rana ලකුණු 21ක් රැස්කළා. නායක Shreyas Iyer නොදැවී ලකුණු 20ක් රැස් කරමින් Kolkata Night Riders සුරැකිව ජයග්‍රහණය වෙත රැගෙන යාමට සමත් වුනා.

පන්දු යැවීමේදී Dwayne Bravo විසින් කඩුලු 3ක් බිඳ හෙලූ අතර Mitchell Santner එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ කරමින් පැවැති ප්‍රථම තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්වුයේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයට පත් වෙමිනි.

ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7