Cricket NewsEXCLUSIVE

රොශේන් සිල්වා, ඕශධ ප්‍රනාන්දු ඇතුළු නවක ක්‍රීඩකයින් රැසක් සමඟින් බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකා සංචිතය නම් කරේ.!

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය ලබන මැයි මස 15 වැනිදා ආරම්භ වීමට නියමිතය.ඒ සඳහා ක්‍රීඩා අමාත්‍ය වරයාගේ අනුමැතියට යොමු කරන ලද ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුලත් ය.ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ නායකත්වය දරනු ලබන්නේ නිත්‍ය නායක දිමුත් කරුණාරත්න විසිනි.

බංග්ලාදේශයට එරෙහිව පිතිකරණ ලැයිස්තුව ශක්තිමත් කිරීම සඳහා රොෂේන් සිල්වා සහ ඕෂධ ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට යළි කැඳවා තිබේ.ඔවුන් දෙදෙනා නිමාව දුටු නැශනල් සුපර්ලීග් තරඟාවලියේදී විශිෂ්ඨ දස්කම් දක්වන්නට සමත් වීමද සුභවාදී කරුණකි.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධානතම නිත්‍ය වේගපන්දු යවන්නා වූ සුරංග ලක්මාල් පසුගියදා ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගත්තේය.ඒ හේතුවෙන් ටෙස්ට් සංචිතය තුල වඩාත් ස්ථාවර වේගපන්දු බලඇණියක් පිහිටුවීමට මෙවර තරඟාවලියේ විශාල ඉලක්කයක් බවට පත්ව තිබේ.එය සපුරා ගැනීමේ අරමුණින් අසිත ප්‍රනාන්දු සහ කසුන් රාජිත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට යළි කැදවා තිබේ

ඔස්ට්‍රේලියාවේදී ආබාධයකට ලක්ව ඉන්දීය ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකළ රමේෂ් මෙන්ඩිස් බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එක්වීම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල අස්වැසිල්ලක් විය.

කෙසේ වෙතත් පිටකොන්දේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට මෙම ටෙස්ට් තරගාවලිය අහිමි වනු ඇති අතර ඔහුගේ භූමිකාව වෙනුවෙන් ඕශධ ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතය තුල රඳවා ගන්නා බව නොරහසකි.

එමෙන්ම ඉන්දීය ටෙස්ට් තරඟාවලියට ක්‍රීඩා කළ ළහිරු තිරිමාන්න සහ චරිත් අසලංකට බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලියේ ස්ථාන අහිමි වී තිබෙන අතර යොවුන් දකුණත් පා දඟ පන්දු යවන ක්‍රීඩක සුමින්ද ලක්ෂාන් මෙන්ම මුල්පෙළ පිතිකරු කමිල් මිශාර ද ටෙස්ට් සංචිතයට ඇතුළත් නවක මුහුණු අතර වේ.

බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා 18 දෙනෙකුගෙන් යුත් සංචිතය පහතින්.

01. දිමුත් කරුණාරත්න (C)
02. ඕෂද ප්‍රනාන්දු
03. ධනංජය ද සිල්වා
04. ඇන්ජලෝ මැතිව්ස්
05. කුසල් මෙන්ඩිස්
06. කමිල් මිශාර
07. රොෂේන් සිල්වා
08. නිරෝෂන් දික්වැල්ල
09. දිනේෂ් චන්දිමාල්
10. රමේෂ් මෙන්ඩිස්
11. චාමික කරුණාරත්න
12. කසුන් රාජිත
13. විශ්ව ප්‍රනාන්දු
14. අසිත ප්‍රනාන්දු
15. ඩිල්ෂාන් මධුශංක
16. ප්‍රවීන් ජයවික්‍රම
17. ලසිත් ඇඹුල්දෙණිය
18. සුමින්ද ලක්ෂාන්

මෙම සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වේ.

බංග්ලාදේශයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන මස 8 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර දෙරට අතර පළමු ටෙස්ට් තරගය මැයි 15 සිට 19 දක්වා චිතගොං හි සහුර් අහමඩ් චෞද්රි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් තරඟය මැයි 23 සිට 27 දක්වා ඩකා නුවර බංග්ලාදේශ ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button