Cricket NewsEXCLUSIVEIPL

විස්සයි-20 පිටියේ 5ස් වන වරටත් Sanju Samson වනිඳු හසරංගගේ ගුග්ලි පන්දුවක් හමුවේ දැවී යයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 39වන තරගය ලෙස ලෙස කුමාර් සංගක්කාර විසින් අධ්‍යක්ෂක ධුරය සහ ලසිත් මාලිංග විසින් වේග පන්දු පුහුණුකාරීත්වය දරන Rajasthan Royals සමග වනිදු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වුවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Rajasthan Royals නායක Sanju Samson ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Royal Challengers Bangalore කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එහිදී Rajasthan Royals නායක Sanju Samsonගෙ කඩුල්ල දවා ගැනීමට වනිඳු හසරංග සමත් වුනා.ඒ අනුව විස්සයි-20 පිටියේ 5වන වරටත් වනිඳු හසරංගගේ ගොදුරක් බවට පත් වීමට Sanju Samsonට සිදු වුනා.

වනිඳු හසරංග යොමු කළ ගුග්ලි පන්දුව කෙලින්ම කඩුල්ලෙ වැදී Sanju Samson දැවී ගිය ආකාරය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button