Cricket NewsEXCLUSIVE

‘ශ්‍රී ලංකා ක්‍රිකට්’, රොශාන් රණසිංහට එරෙහිව අල්ලස් කොමිසමට යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා අරමුදලට ප්‍රදානය කළ බව කියන මුදල් අවභාවිතා කළේ යයි චෝදනා කරමින්, හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව ශ්‍රී ලංකාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයෙ (04 වැනිදා) පියවර ගත්තේය. ශ්‍රී ලංකාවේ අනෙකුත් ක්‍රීඩා සංවර්ධන කිරීම සඳහා මෙම මුදල් ප්‍රදානය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි.

මෙම පැමිණිල්ල ගොනු කිරීමට තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වෙන් කරන ලද මුදල් අපේක්ෂිත අරමුණු සඳහා යොදා ගැනීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යංශය සවිස්තරාත්මකව හෙළි නොකිරීම හේතුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button