Cricket NewsEXCLUSIVEIPLMatch Review

Rajasthan Royals හි අපරාජිත ගමන්මග නිමා කළ වනිදු ඇතුළු Royal Challengers Bangalore කඩුලු 4ක් ජයක් වාර්තා කරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 13වන තරගය ලෙස Rajasthan Royals කණ්ඩායම සහ Royal Challengers Bangalore කණ්ඩායම් අතර පැවති තරඟයෙන් කඩුලු 4ක ජයක් හිමිකර ගැනීමට Rajasthan Royals කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Royal Challengers Bangalore නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Rajasthan Royals කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Rajasthan Royals කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 169ක් රැස් කිරීමට සමත් වුණා.

Rajasthan Royals වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Jos Buttler පන්දු 47කදී ලකුණු 70ක් වාර්තා කිරීමට සමත් වුනා. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 6ක් ඇතුලත් වුනා.

Shimron Hetmyer ලකුණු 42ක් රැස් කළ අතර Devdutt Padikkal ලකුණු 37ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Wanindu Hasaranga,David Willey සහHarshal Patel එක් කඩුල්ල බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 170ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Royal Challengers Bangalore පිතිකරුවන් පන්දුවාර 19කුත් එක් පන්දුවක් අවසානයේ අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 173ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Royal Challengers Bangalore ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Shahbaz Ahmed පන්දු 26ක් තුල වෙගවත් ලකුණු 45ක් රැස් කල අතර Dinesh Karthik ලකුණු 44ක් රැස් කළා.

පන්දු යැවීමේදී Yuzvendra Chahal සහ Trent Boult කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා.

ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button