Cricket NewsEXCLUSIVE

නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ ආදරණිය පුරාවෘත්තය රොස් ටේලර් සියළුම ආකාරයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට සමු දෙයි.!

සිය අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ නවසීලන්තයේ මැද පෙළ පිතිකරු රොස් ටේලර්ට ගෞරව මැද සිය තරග දිවියෙන් සමුගත්තා. එම අවස්ථාවේදී තරගය නැරඹීම සඳහා හැමිල්ටන්හි සෙඩෝන් උද්‍යාන ක්‍රීඩාංගණයට පැමිණ සිටි ප්‍රේක්‍ෂකයෝද තම අසුන්වලින් නැගිට ටේලර්ට ආචාර කළහ.

ජනවාරි මාසයේදී ටෙස්ට් පිටියෙන් සමුගත් රොස් ටේලර්, සංචාරක නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියෙන් අනතුරුව තමා වසර 16 ක ක්‍රීඩා දිවිය නිමා කරමින් ජාත්‍යන්තර තරග බිමෙන් සමුගන්නා බවට පවසා තිබිණ.

මේ වන විට 38 වැනි වියේ පසුවන ටේලර්ට අමතක නොවන සමුගැනීමක් ලබාදුන් කණ්ඩායම් සගයෝ ඔහුට 3-0 ක තරගාවලි ජයක් තිළිණ කළහ. කෙසේ වුවත් සිය අවසන් එක්දින ඉනිම් තුනේදී ටේලර්ට ලබාගත හැකි වූයේ ලකුණු 26 ක් පමණි.

මෙම තරගය ටේලර් නවසීලන්ත නියෝජනය කරමින් ක්‍රීඩා කළ 450 වැනි ජාත්‍යන්තර තරගය විය. තරගය ආරම්භ කිරීමට පෙර ජාතික ගීය ගායනා කළ අවස්ථාවේදී එක් පසකින් සිය දරුවන්ද, අනෙක් පසින් කණ්ඩායම් සගයන්ද බලා සිටිනා විට ටේලර් කඳුළු සලන අයුරු දැකගත හැකි විය.

ක්‍රීඩාවෙන් සමුගන්නා විට එක්දින ජාත්‍යන්තර තරග 236 කදී ශතක 21 ක් සහ අර්ධ ශතක 51 ක් සමග ලකුණු 8607 ක් රැස්කර ගෙන සිටි ටේලර්, විස්සයි-20 ජාත්‍යන්තර තරග 102 කදී ලකුණු 1909 ක් ලබා සිටියේ අර්ධ ශතක 7 ක් සමගිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7