BBLCricket NewsEXCLUSIVEPremier League

ඔස්ට්‍රේලියානු දේශීය පිටියේ සුපිරි දස්කම් පාන ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන්නාට බිග් බෑශ් ලීගයේ ඉහල ඉල්ලුමක් !

2022-23 බිග්බෑශ් ලීග් තරඟාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකුගේ නම් පසුගියදා යෝජනා වී තිබුණු අතර එකී නම් අතර ඔස්ට්‍රේලියානු දේශීය පිටියේ සුපිරි දස්කම් පාන ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුගේ නමද ඇතුලත් විය.දකුණත් පා දඟ පන්දු යවන්නෙකු වන රුවන්ත කෑල්ලපොත ඔවුන් අතරින් මෙවර බිග් බෑෂ් තරඟ වාරය සඳහා Melbourne Renegades කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතව තිබේ.

Casey South Melbourne Cricket Club කණ්ඩායම නියෝජනය කරමින් ඔස්ට්‍රේලියානු දේශීය පිටියේ සුපිරි දස්කම් අතර නිරන්තරයෙන් ‍රැඳෙන්නට 31 හැවරිදි රුවන්ත සමත් වී තිබෙන අතර මෑතකදී පැවති ‘Top-End’ T20 තරඟාවලියේ Renagades Academy නියෝජනය කරමින් තරඟයේ වීරයා දස්කම් දෙකක්ද ඔහු තම නම ඉදිරියේ සටහන් කරගන්නට සමත් වූවා.

මුවර්ස් කණ්ඩායම වෙනුවෙන් දේශීය තරඟ බිමට පිවිසි රුවන්ත පොලිස් කණ්ඩායම ද නියෝජනය කර තිබෙන අතර ඔහු මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7