Cricket NewsEXCLUSIVEInternational

මේ වසර තුල වැඩිම හයේ පහර එල්ල කල නායකයින් අතර දෙවැනි තැන දසුන්ට !

2022 වසර යනු ශ්‍රී ලංකා නායක දසුන් ශානක තම සමස්ත විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ගත කල සාර්ථකම වසර බවට හඳුන්වන්නට පුළුවන්.වසර 8ක තම ජාත්‍යන්තර විස්සයි විස්ස දිවිය තුලදී වැඩිම ලකුණු රැස් කරගන්නට දසුන් මේ වසරේදී සමත් වූ අතර ඉනිම් 17 කදී ඔහු ලකුණු 419 ක් රැස් කරගන්නට සමත් ව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විස්සයි විස්ස තරඟ තුල වැඩිම හයේ පහර ගණනක් එල්ල කල පිතිකරුවා බවට දසුන් පත් වූයේ හයේ පහර 54 ක් එල්ල කරමිනි.එම හයේ පහර 54 තුලට මේ වසරේදී පමණක් එල්ල කල හයේ පහර 21 ක්ද අඩංගු වනවා.එක් කැලැන්ඩර් වසරක් තුල වැඩිම හයේ පහර් ගණනක් එල්ල කල ශ්‍රී ලංකා පිතිකරුවා වීමට ඔහු හයේ පහර 18 ක් එල්ල කර සිටි කුසල් මෙන්ඩිස් මේ වසරේදී අභිබවා ගියේය.

වසරක් තුල වැඩිම විස්සයි විස්සයි හයේ පහර ගණනක් එල්ල කල නායකයින් අතර ඔහු සිව්වැනි තැන පසුවන අතර ඔහුට ඉදිරියෙන් රෝහිත් ශර්මා,ඇරෝන් ෆින්ච් හා විරාට් කෝලි රැඳී සිටී.

මේ වසරේදී වැඩිම විස්සයි විස්ස හයේ පහර ගණනක් එල්ල කල නායකයා වන්නේ ඉන්දීය නායක රෝහිත් ශර්මා ඔහු මේ වසරේදී හයේ පහර 26 ක් එල්ල කොට තිබෙනවා.දසුන් මේ වසරේදී හයේ පහර 21 ක් රැස් කරමින් එම ලැයිස්තුවේ දෙවැනි තැන පසුවේ.

පිතිකරුවෙකු ලෙසින් මේ වසරේදී 35 ක සාමාන්‍ය ක් හා 143 ක සාමාන්‍යක් ‍රඳවාගන්නටද දසුන් සමත්ව තිබීම විශේෂත්වයක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7