Cricket NewsEXCLUSIVEInternational

“මම මෙවර ලෝක කුසලානයේ තරගාවලියේ වීරයා වීමට සූදානම් වෙමින් සිටිනවා”-භානුක රාජපක්ෂ

ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම නැම්බියාව හමුවේ පරාජයක් ලැබූ නමුත් තරඟාවලිය ආරම්භවීමටත් පෙර සිට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හොඳ ආත්ම විශ්වාසයකින් තරඟාවලියට සූදානම් වෙමින් සිටි බව නොරහසක්.

තරඟාවලිය ආරම්භ වන්නට පෙරාතුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ කියා සිටියේ මෙවර තරඟාවලියේ වීරයා වීමට ඔහු සූදානම් වන බවය.

“මා වෙනුවෙන්, මම මෙවරලෝක කුසලාන තරඟාවලියේ වීරයා වීමට අවශ්‍ය ආකාරය සූදානම් කරමින් සිටිනවා.ඒ සියල්ල පැමිණෙන්නේ අප දැරූ වෙහෙස හා මහන්සි වී වැඩ කිරීම නිසාවෙන්.එය සාක්ෂාත් කර ගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා”

ඔහු කියා සිටියේය.එමෙන්ම ඔස්ට්‍රේලියාවේ දේශගුණයට ඔහු ඇතුලු කණ්ඩායම හොඳින් අනුගත වී තිබෙන බවද ඔහු මාධ්‍ය වෙත කියා සිටියේය.

“අපි බලාපොරොත්තු වූවාට වඩා සීතලයි.නමුත් අපට පාලනය කරන්න බැරි දේවල් අපට පාලනය කරන්න බෑ.අපි ඒකට පුරුදු වෙමින් ඉන්නවා, පිටියෙන් බැහැර වන විට එය අපට නරක වෙන එකක් නෑ කියලා අපි බලාපොරොත්තු වෙනවා”

යනුවෙන් ඔහු ප්‍රකාශ කලේය.කෙසේ නමුත් ඊයේ නැම්බියාවට එරෙහි තරඟයේදී ලකුණු 20 කට දැවී ගිය භානුක ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවසන් ආසියානු කුසලාන තරඟාවලියේදීත් සාර්ථක වගකීමක් ඉටු කලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button