Cricket NewsEXCLUSIVEInternational

වසර 4කට පසුව නැවතත් ටෙස්ට් පිටියට පිවිස, දිගින් දිගටම අසාර්ථක වූ පකිස්තාන මැදපෙලට නැවත ජීවය ගෙන එන සෆ්‍රාස් අහමඩ්.!

කරච්චි හිදී ඇරඹුණු පකිස්තානු නවසීලන්ත ටෙස්ට් තරඟාවලිය අසාර්ථක තරඟාවලි ගණනකින් පසු පකිස්තානු කණ්ඩායමට තම ගෞරවය රැකගැනීමේ සටනක් නිර්මාණය කරන්නට සමත් වුනා. දිගින් දිගටම ටෙස්ට් පිටියේ දක්වන අස්ථාවර දස්කම් හා අත්දැකීම් අතින් එතරම් ප්‍රභල නොවන පකිස්තානු මැද යොවුන් ක්‍රීඩකයින්ගෙන් සමත් වීමත් ඊට ප්‍රධානතම හේතුවක් ද විය.

එංගලන්තය හමුවේ තම මව්බිමේදී පකිස්තානු කණ්ඩායම ලද පරාජයට ප්‍රධානතම හේතු කිහිපයක් වූවා. අත්දැකීම් අතින් ඉතා හොඳ මට්ටමක සිටින මොහොමඩ් අබ්බාස් වැනි වේගපන්දු යවන්නෙකුගේ සහය පකිස්තානයට අහිමි විය. එමෙන්ම යොවුන් ක්‍රීඩකයින්ගෙන් සමන්විත පකිස්තානු මැදපෙලට ජීවය එක් කිරීම පැවරුණේ මොහොමඩ් රිස්වාන් හටයි. රිස්වාන් සාම්ප්‍රදායික තරඟ රටාව තුල එතරම් සාර්ථක නොවුනු අතර අවසන් ඉනිම් 12 තුලදීම එකදු හෝ අර්ධ ශතකයක් තම නම ඉදිරියෙන් ලියාගන්නට රිස්වාන් අසමත් වී තිබේ.

සීමිත පන්දුවාර තරඟ තුලදී විශේෂයෙන්ම විස්සයි විස්ස තරඟ තුලදී රිස්වාන් සාර්ථක වන නමුත් ටෙස්ට් තරඟ තුලදී රිස්වාන් හට නිරන්තර දස්කම් අතර රැඳීමට එතරම් පහසු වී නැහැ. ඊට ප්‍රධානතම හේතුව වන්නේ රිස්වාන් හට පිට ඉන්න වටා එල්ල කල හැකි පහවල් පරාසය සීමිත වීමත් ඒ තුල තාක්ෂණික ගැටලු පැණනැගීමත් ය. එය නිමාව දුටු එංගලන්ත තරඟාවලිය පුරාවට පෙන්නුම් කෙරුණු අතර රිස්වාන්ගේ අසාර්ථක වීම පකිස්තානු මැදපෙලට එල්ල කල විශාල පහරක් වූවා.

ඒ අතරවාරයේදී වසර 4 කට පසුව තම පනස් වන තරඟය සඳහා යලිත් පකිස්තානු කණ්ඩායමට එක්වීමට අවකාශය නිත්‍ය කඩුලු රකින්නෙකු වන හිටපු නායක සෆ්‍රාස් අහමඩ් හට හිමි විය. තම මව්බිමේදී එකදු හෝ ටෙස්ට් තරඟයක් ක්‍රීඩා නොකල සෆ්‍රාස් විවිධ තණතිලි තුල අසීරු තත්වයන් යටතේදී හොඳින් සාර්ථක වී තිබීමත් කණ්ඩායම තුල සිටින ජ්‍යේශ්ඨතම පිතිකරුවා වීමත් පකිස්ථානු කණ්ඩායමට විශාල අස්වැසිල්ලක් වූ බව නම් නොරහසක්.

රිස්වාන් විවේක ගන්වමින් පකිස්තානු කණ්ඩායම පළමු තරඟයට පිවිසියේ කඩුලු රැකීම සෆ්‍රාස්ට පවරමින්. පකිස්තානු මුල්පෙල කඩුලු කිහිපයක් දැවී ගිය නමුත් බාබර් අසාම්,අගා සල්මාන්ගේ ශතක හේතුවෙන් පකිස්තානු කණ්ඩායමට ලකුණු 400 සීමාව පසුකරයන්නට හැකිවිය.

වසර හතරකට පසු ටෙස්ට් පිටියට පිවිසි සෆ්‍රාස්ගේ පිත්තෙන් අගනා ලකුණු 86 ක් එක්වෙද්දී අනෙක් අන්තයේ පිතිකරණයේ යෙදුනු තම නායක රිස්වාන් පහසුවෙන් තම සුපුරුදු රිද්මය සොයාගන්නට සමත් විය. පන්දුයවනන්නන් යොමුකරන පීඩනය තුල මනාව අසාම්ද හසුරවා ගන්නා පරිණත බවක් සෆ්‍රාස්ගේ ඉනිමෙන් දිස්විය.

එමෙන්ම කලකට පසු පකිස්තානු මැදපෙල පිතිකරුවන් සාර්ථක වන බවක් දක්නට ලැබුණි. සියල්ලටම වඩා කලකට පසු තමන්ට ලැබුණු අවස්ථාවෙන් එරට තේරීම් කමිටුවට ටොක්කක් අනින්නටද සෆ්‍රාස් සමත් වූයේ තමාගේ සේවය දීර්ඝ ආකෘති තුල පකිස්තානයට තව දුරටත් අත්‍යාවශ්‍ය බව කියා පාමිණි.

විශාල අත්දැකීම් සම්භාරයකට හිමිකම් කීමත් හිටපු නායකයෙකු වන සෆ්‍රාගේ යලි පැමිණීම බාබර්ගේ ටෙස්ට් නායකත්වයේ අසාර්ථකත්වය වැඩි වශයෙන් පෙන්නුම් කරන කාලසීමාවක් තුලදී පකිස්තානු ටෙස්ට් කණ්ඩායමට විශාල අස්වැසිල්ලක්ද වනවා. අදටත් පකිස්තානු ජනතාව තුල සෆ්‍රාස් අහමඩ් සැලකෙන්නේ පකිස්තානු ක්‍රිකට් වංශකතාව බිහිකල විශිෂ්ඨතම නායකයෙකු ලෙසයි. ඔහු යටතේ ශූරයන්ගේ කුසලානයත්, විස්සයි විස්ස ශ්‍රේණිග්ත කිරීම් තුල පළමු ස්ථානයේ ගත කල වැඩිම කාල සීමාවත් ගත කරන්නට පකිස්තානය සමත් වූවා.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගත් කල රිස්වාන් හා සෆ්‍රාස් දෙදෙනා අතර විශාල පරතරයක් තිබෙනවා. දත්තමය,සංඛ්‍යාමය වශයෙන් ගත්තද සජීවී නරඹන්නන්ගේ අත්දැකීම් ගත්තද දීර්ඝතම ආකෘතිය තුල පකිස්තානු ඉතිහාසය බිහිකල විශිෂ්ඨතම ක්‍රීඩකයෙකුගේ නැවත පැමිණීම පකිස්තානු යොවුන් මැදපෙල පිතිකරුවන්ට ක්‍රිකට් කියවිය හැකි පුස්තකාලයක් තිලිණ කලා හා සමානය .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button