Cricket NewsEXCLUSIVE

නැගීඑන ආසියානු කුසලානයේ අවසන් පූර්ව තරඟය හැඩකල සහන් ආරච්චිගේ විශිෂ්ඨ ඉනිම ලකුණු 97 කට සීමා වෙයි !

අද කොළඹදී පැවැත්වෙන නැගී එන ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හා පකිස්තානු කණ්ඩායම මුණ ගැසුණු අතර පකිස්තානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 322 ක අභියෝගාත්මක ලකුණු පුවරුවක් ගොඩනැඟුවේය.

ලකුණු 323 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන්නට පිටියට පිවිසි ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් දියත් කල සහන් ආරච්චිගේ ලකුණු 97 ක් රැස් කරගෙන සිටියදී නිමාව දුටුවේ Mubasir Khan යොමු කල පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමත් සමඟයි.

පන්දු 109 ක් පුරාවට ක්‍රියාත්මක වූ සහන්ගේ ඉනිම හතරේ පහර 12කින් හා එක් හයේ පහරකින් වර්ණවත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button