Cricket NewsEXCLUSIVEInternational

තණතීරුවෙන් කොයිතරම් සහයෝගයක් තිබුණත්, කඩුලු දවාගන්න නම් නිවැරදි ප්‍රදේශවල,නිවැරදි දුරකින් පන්දුව පතිත කරන්න ඕනේ – තණතීරුව ගැන සනත් කිව්ව සැර කතාව

දුනිත් වෙල්ලාලගේ මංගල විස්සයි-20 තරගයට සහභාගි වූයේ 15 වැනිදා වූවත් ඔහු ශ්‍රී ලංකා හිස්වැස්ම දිනාගත්තේ 2022 ඕස්ටේ්‍රලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරයේදීය. එදා පටන්ම, ඔහු දිනෙන් දින දියුණු වූ ක්‍රීඩකයකු ද විය.

“දුනිත් වෙල්ලාලගේ ඒ වගේ අභියෝගයක් බාරගත්ත විදිහ ගැන මම හරිම සතුටු වෙනවා. ක්‍රිකට් ක්‍රීඩයකුගෙන් මම දකින්න කැමතිම දේත් ඒක තමයි. ඒ වගේ වෙලාවක එයා බෝලේ අතට අරන් ඕවර 4 කින් ලකුණු 09 කට කඩුලු දවාගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙමේ”

“තණතීරුවෙන් කොයිතරම් සහයෝගයක් තිබුණත්, කඩුලු දවාගන්න නම් නිවැරදි ප්‍රදේශවල වගේම නිවැරදි දුරකින් පන්දුව පතිත කරන්න ඕනේ. ඉතින් පීඩනය තියෙද්දීත්, එයා හොඳින් පන්දු යවලා, එයා අපි එක්ක ඉන්න ඕන තාලේ තුන් ඉරියව් ක්‍රීඩකයක් කියලා පෙන්නුවා” යයි ද පුහුණුකරුවා පැවසීය. එහෙත් එක්දින හිස්වැස්ම දිනා වසර දෙකක් යනතුරුත් විස්සයි-20 පිලට එක්නොවූ වෙල්ලාලගේ ගැන ඊට වඩා යමක් කීමට පුහුණුකරුවා ඉදිරිපත් නොවීය.

“අතීතයේ යම් යම් දේවල් සිද්ධ වුණා වෙන්න පුළුවන්. දැන් ඒවා ගැන කතාකරලා වැඩක් නෑ.”

“ශ්‍රී ලංකාව දිනන්න නම් අපි හොඳම කණ්ඩායම සෙල්ලම් කරවන්න ඕනා. පුහුණුකරුවකු හැටියට මට තියෙන්නේ මට දෙන කණ්ඩායත් එක්ක ඉදිරියට ගිහිල්ලා, එයාලගෙන් ගන්න පුළුවන් උපරිමය ලබාගන්න එකයි” යයි ජයසූරිය මහතා වැඩිදුරටත් කීවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button