සනත් ජයසුරිය සිය පන්දුවාර 4ට ප්‍රතිවාදී පිතිකරුවන්ට ලකුණු 3ක් පමණක් ලබා දෙමින් කඩුලු 4ක් බිඳ හෙලමින් Legends පිටිය හොල්ලයි.!

ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් හිටපු සුපිරි ක්‍රිකට් තරු ක්‍රීඩා කරන Road Safety Legends ලෝක ශූරතාවලියේ දෙවැනි අදියර පසුගිය දා ඇරඹුන අතර ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ වැදුණු දෙවන තරඟය අද ශ්‍රී ලංකා Legends සහ එංගලන්තLegends කණ්ඩායම අතර පැවැත්වුණු අතර එම තරඟයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කරමින් පිට පිටම දෙවන ජයත් තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.
අද තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත Legends පිතිකරුවන්ට පන්දුවාර 19 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 78 ක් පමණයි.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ සනත් ජයසූරිය ලකුණු 3 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වුණා. ඒ, නිලකුණු පන්දුවාර 2 ක් ද සමගින් වීම විශේෂත්වයක්
සනත් ජයසුරියගේ මෙම විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් තරඟයේ වීරයා සම්මානය ද ඔහුට හිමි වූ අතර ඔහුගේ විශිෂ්ට පන්දු යැවීම පහතින් නරඹන්න
— Six Cricket (@Six6Cricket) September 13, 2022