EXCLUSIVELPLTrending Article

තරුණ ක්‍රිඩකයන් රැසක් සමග ප්‍රභල කණ්ඩායම් දණ ගස්වමින්, LPL පිටියේ පෙරළි කරන භානුක රාජපක්ෂ නම් නායකයා..

ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසාන වටය මේ වෙනකොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා.

අපි අද කතා කරන්න යන්නෙ වැඩිය කාගෙවත් අවධානය යොමු නොවුන නමුත් තම කණ්ඩායමට අවශ්‍ය නායකත්වය උපරිමයෙන්ම ලබා දෙන Galle Gladiators කණ්ඩායමේ නායක භානුක රාජපක්ෂ පිළිබඳවයි.

භානුක ගිය වසරෙත් LPL තරගාවලියේ Galle Gladiators කන්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරා. එවර ගාලු නායකත්වය හිමි වෙලා තිබුනේ සහිඩ් අෆ්‍රිඩිට.

හැබැයි අෆ්‍රිඩි ‍යටතේ ගාලු කන්ඩායම අන්ත පරාජයන් ලබනවා.

ඊට පස්සේ අෆ්‍රිඩිගේ හදිස්සි සමු ගැනීමත් එක්කම මංමුලා වූ ගාලු කන්ඩායමේ නායකත්වය භානුක රාජපක්ෂගේ කර මතට පටවනවා.

අන්තිමට භානුක නතර වෙන්නේ එවර ප්‍රභල කන්ඩායමක් වූ කොළඹ කන්ඩායම පවා පරාජය කරලා තමන්ගේ කන්ඩායම අවසාන මහ තරගය දක්වාම රැගෙන ගිහිල්ලා…

කොහොම වුනත් යාපනය ගියවර ශූරයින් වෙනවා.

නමුත් ගාල්ල කන්ඩායම හිටපු තත්ත්වය එක්ක ඔවුන් අවසානයේ ගිය ගමන ගැන නැවත හැරී බලද්දි ඒක ඉතා විශිෂ්ඨ ගමනක්…

මේ පාරත් එහෙමයි. භානුක තමයි ගාලු නායකයා..ගියවර වගේම මෙවරත් LPL තරගාවලියේ ඉන්න ප්‍රභලම කන්ඩායම ජැෆ්නා කන්ඩායම බව අවිවාදයක් නැ…

මෙවර ගාලු කන්ඩායමේ මං ආස දෙයක් තියෙනවා. ඒ භානුක අලුත් කොල්ලෝ ටිකක් අරන් මේ ගහන ගේම… ශමාස් , ප්‍රමෝද් මදුශාන් , නුවන් තුෂාර , දනංජය ලක්ෂාන් , පුලින , සහන් ආරච්චිගේ , වගේ අලුත් මුහුණු ටිකක් අරගෙන ගාල්ල කන්ඩායම ප්ලේ ඕෆ් යනවා.

මෙවර LPL තරගාවලියේ පලමු වටයේ තරග සියල්ල අවසන් වෙද්දී ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත් වන ගාලු කන්ඩායම අන්තිමට Qualifier 01 තරඟයේදී යාපනය පරාජය කරමින් මෙවර අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගත් පළමු කණ්ඩායම බවත් පත් වුනා.

නිකන් නෙමෙයි ගියවර ශූරතාවය දිනා ගත්තු මෙවර කිසිම කන්ඩායමකට පරාජය කරන්න නොහැකි වුනු ජැෆ්නා කන්ඩායම ඔවුන්ට හමු වුනු අවස්ථා තුනේදීම පරාජය කරලා…

ගාල්ල කන්ඩායම දෙවෙනි වරට ජැෆ්නා කන්ඩායම පරාජය කරපු තරගයේ භානුක කියන නායකයා වැඩියෙන් ඉස්මතු වෙලා පෙනුනා කිව්වොත් නිවරැදියි.

ඒ වගේ අඩු ලකුණු ගණනක් යාපනය වගේ ප්‍රභල පිතිකරන ලැයිස්තුවක් හමුවේ බේර ගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි.

මොකද ඔය Low Scoring ගේම් වල පැල් බැදගෙන ගහන ශොයිබ් මලික් වගේ අයත් ජැෆ්නා කන්ඩායම එක්ක ඉද්දි ඒ සෑම අභියෝගයක්ම පරාජය කරලා අවසානයේ තමන්ගේ කන්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යන්න භානුකගේ නායකත්වයට පුළුවන් වෙනවා.

මෙවර LPL තරගාවලියේ දුටු හොදම නායකයා නම් කරන්න කිව්වොත් මං මුලින්ම කියන නම තමයි ,

භානුක රාජපක්ෂ !!!

මොකද ඒ නායකත්වය ඒ තරමට කැපී පෙනුනා..

– Rishie bro තැබූ සටහනක් ඇසුරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7