Cricket NewsEXCLUSIVE

“සංගා, මහේල, මුරලි IPL ක්‍රිඩක වෙන්දේසිය නියෝජනය කලද ඔවුන්ගේම රටේ සිටින මෙම දක්ෂ පිතිකරුවාට ඔවුන් Bid කලේ නැත” – ඉන්දීය රසිකයකු ප්‍රශ්න කරයි.!

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වුණු විස්සයි-20 තරගාවලිය 3-0ක් ලෙස දැවැන්ත තරගාවලි පරාජයට මුහුණදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට පසුගියදා සිදුවුණා.

කෙසේ නමුත් ඉන්දියාව විස්සයි-20 ක්‍රිකට් ආකෘතියේ ශ්‍රෙණිගත කිරීම් හි ප්‍රථම ස්ථානයේ පසු වන අතර ශ්‍රී ලංකාව එහි 10වන ස්ථානයේ පසු වනවා.

එවන් පසුබිමක් තුල ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව දැක් වූ දස්කම් විදෙස් විචාරකයන්ගේ පවා ඉහළ ඇගයීමකට ලක් වුනාග

මේ අතර ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නම්දැරූ පන්දු යවන්නන්ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැක්වූ දස්කම් ක්‍රිකට් ලොකේම කතාබහක් ඇති කිරීමට සමත් වුණා.

එහිදී ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කෝටි ගණන් ඉහළ මිලකට අලෙවි වූ පසුගිය IPL තරගාවලියේ පවා ඉතා ඉහල දස්කම් පෙන් වූ පන්දු යවන්නන්ට කිසිම තැකීමක් නොකර ශ්‍රී ලංකා නායක දසුන් ශානක එල්ලකළ ප්‍රහාරය ඉන්දිය ක්‍රිකට් රසිකයන් අතර පවා දැඩි උන්මාදයක් ඇති කිරීමට සමත්ව තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහුව ඉන්දීය ප්‍රිමියර් ලීගයට එක්කර ගන්නා ලෙසද ඉල්ලමින් ඉන්දීය ප්‍රේක්ෂකයින් සමාජ මාධ්‍යන්හි අදහස්ද ප්‍රකාශ කර තිබූ ආකාරය දැක ගැනීමට හැකි වුණා.

මේ අතර ඉන්දීය ක්‍රිකට් රසිකයෙකු දැක්වූ වෙනස්ම අදහසකට අප අවධානය යොමු වුණා.

ඉන්දියාව තුල ඉතාමත් ජනප්‍රිය Twitter ගිණුමක් වන Sagar විසින් දසුන් ශානකව IPL කණ්ඩායමක් මිලදි නොගැනීම පිළිබඳව පල කර තිබු සටහනකට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය රසිකයකු සදහන් කර සිටියේ” කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන් IPL ක්‍රිඩක වෙන්දේසිය නියෝජනය කලද ඔවුන්ගේම රටේ සිටින මෙම දක්ෂ පිතිකරුවා හට ඔවුන් Bid කලේ නැත” යනුවෙනි.

අදාළ Twitter සටහන පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button