Cricket NewsEXCLUSIVE

“අද මට බැන්නට කමක් නැ. හෙට අපි ඔක්කෝටම එකතු වෙලා ලංකාව දිනනවා බලලා සතුටු වෙන්න පුළුවන්” – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා මීට දින කිහිපයකට පෙර ‍ප්‍රධාන මාධ්‍ය නාළිකාවක සාකච්ඡාවකට එක්ව සිටියා.

එහිදී විශේෂ ප්‍රකාශයන් කිහිපයක්ම ප්‍රකාශ කර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා මෙලෙස අදහස් දක්වා සිටියා

“අපි ක්‍රීඩකයින්ට දීලා තියෙන්නේ සපුරාගන්න බැරි ඉලක්කයක් නෙමෙයි.එංගලන්තයේ කි.මි 2 දුවන්නේ 7.30-8.00 න්. කොටින්ම ඕස්ට්‍රේලියාවේ කාන්තා කන්ඩායම දුවන්නේ 8කට ආසන්නයෙන්.

මම මේ මාස 10 කරපුවගේ ප්‍රතිඵල ලැබෙන්න තව අවුරුද්දක් දෙකක් යයි. එතකල් මට බැනුම් අහන්න වෙයි.

මේ කරපු වෙනසේ ප්‍රතිඵල ලැබෙන කාලෙක පත්වෙන තේරිම් කමිටුව ප්‍රශංසා ලබයි.

මේකත් නෙල්ලි කනවා වගේ තමයි. මුලදි තිත්තයි. හැබැයි ටික වෙලාවක් යනකොට පැණිරස දැනෙන්නේ. තිත්ත වුනත් ඒ තිත්ත ඇතුලේ ගුණය තියෙනවා.

අද මට බැන්නට කමක් නැ. හෙට අපි ඔක්කෝටම එකතු වෙලා ලංකාව දිනනවා බලලා සතුටු වෙන්න පුළුවන්නම්…”

කෙසේ නමුත් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියානු විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය 4-1ක් ලෙසත් ඉන්දියාව සමග පැවති විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙසත් පරාජයට පත්ව සිටිනවා.

විස්සයි-20 ශ්‍රෙණිගත කිරීම් හි ද ශ්‍රී ලංකාව පසුවන්නේ 10 වන ස්ථානයේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button