Cricket NewsEXCLUSIVEIPLMatch Review

Ravichandran Ashwinගේ සුපිරි පිතිකරණය හේතුවෙන් CSK පරාජය කළ, සංගාගේ Rajasthan Royals ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ වන විට තරඟාවලියේ අවසන් වටයට ලඟා වෙමින් තිබෙනවා.

මේ අතර අද තරගාවලියේ 68වන තරගය ලෙස මතිෂ පතිරණ සහ මහිෂ් තීක්ෂණ ක්‍රීඩා කරන Chennai Super Kings සහ Rajasthan Royals කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට Rajasthan Royals කණ්ඩායම අද සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Chennai Super Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි Chennai Super Kings පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 150ක් රැස් කිරීමට සමත් වුනා.

Chennai Super Kings වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Moeen Ali පන්දු 57ක් තුල දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 13ක් සමගින් වේගවත් ලකුණු 93ක් රැස් කිරීමට සමත් වුනා.

MS Dhoni ලකුණු 26ක් රැස් කළ අතර Devon Conway ලකුණු 16ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Obed McCoy සහ Yuzvendra Chahal කඩුලු දෙක බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 151ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Rajasthan Royals කණ්ඩායම පන්දුවාර 19.4ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 151ක් ලබා තරඟය ජයග්‍රහණය කළා.

Rajasthan Royals ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Yashasvi Jaiswal පන්දු 44ක් තුල වෙගවත් ලකුණු 59ක් රැස් කල අතර Ravichandran Ashwin වේගවත් ලකුණු 40ක් රැස් කළා.

පන්දු යැවීමේදී Prashant Solanki කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7