Cricket NewsEXCLUSIVEIPL

“අපේ මාලිංග ඇත්තටම නියමයි, ඔහු අනිවාර්යයෙන්ම මීළග වසරේදිත් CSK හි කොටසක් වේවි” – මහේන්ද්‍ර සිං දෝනි තරඟයෙන් අනතුරුව මතිෂ පතිරණ ගැන කියයි.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ වන විට තරඟාවලියේ අවසන් වටයට ලඟා වෙමින් තිබෙනවා.

මේ අතර අද තරගාවලියේ 68වන තරගය ලෙස මතිෂ පතිරණ සහ මහිෂ් තීක්ෂණ ක්‍රීඩා කරන Chennai Super Kings සහ Rajasthan Royals කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට Rajasthan Royals කණ්ඩායම අද සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Chennai Super Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි Chennai Super Kings පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 150ක් රැස් කිරීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 151ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Rajasthan Royals කණ්ඩායම පන්දුවාර 19.4ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 151ක් ලබා තරඟය ජයග්‍රහණය කළා.

කෙසේ නමුත් Chennai Super Kings කණ්ඩායමට ක්‍රීඩා කරන මතිෂ පතිරණ අද දිනයේත් සුපිරි පන්දු යැවීමක නිරත වුයේ සිය පන්දුවාර තුල ලකුණු 28ක් පමණක් ප්‍රතිවාදී පිතිකරුවන්ට ලබා දෙමිනි.

අද තරඟයේත් 18වන සහ 20 වන පන්දුවාර ක්‍රියාත්මක කිරීමේ වගකීම Chennai Super Kings නායක මහේන්ද්‍ර සිං ධෝනි යොවුන් ක්‍රීඩක මතිෂ පතිරණට පවරනු ලැබුවා.

තරඟය අවසානයේ පැවති මාධ්‍ය හමුවේදීත් මතිෂ පිළිබඳව අදහස් දැක්වූ මහේන්ද්‍ර සිං ධෝනි පවසා සිටියේ ඔහු එළඹෙන වසරේත් Chennai Super Kings හි කොටසක් බවට පත් වන බවද සඳහන් කරමිනි.

ඒ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක්වූ මහේන්ද්‍ර සිං ධෝනි මෙලෙස පවසා සිටියා,

MS Dhoni on Matheesha Pathirana “Our Malinga (Pathirana) is difficult to pick, and he’ll only surely contribute for us next year” (“අපේ මාලිංග (පතිරණ) කියවීමට අපහසු ක්‍රිඩකයෙක්, ඔහු අනිවාර්යයෙන්ම එළඹෙන වසරේත් අපේ කොටසක් බවට පත් වේවි”)

එම මාධ්‍ය හමුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7