Cricket GossipCricket NewsEXCLUSIVEInternational

රෑ කෑමට මොනවාද ඕන ? ප්‍රශ්න අහන්න ආව නිවේදිකාව බුම්රාගෙන් අසයි.

ජස්ප්‍රීට් බුම්රාගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පාකිස්තානය පරාජය කිරීමෙන් පසු ඔහුගෙන් ප්‍රශ්න විමසීමට පැමිණි නිවේදිකාව බුම්රාගේ බිරිය වූ හෙයින් එය බොහෝ දෙනාගේ දැඩි අවධානයකට ලක්වූ අවස්ථාවක් විය. දෙදෙනාගේ එම වීඩියෝව සමාජ මාධ්‍ය ජාලා තුළ අලුත්ම මාතෘකාවක් වී තිබේ.

ස්වාමිපුරුෂයා තම කටයුතු සාර්ථක කරගත්විට බිරිය සතුටින් සිටීම සාමාන්‍ය දෙයකි. බුම්රාගේ පන්දු යැවීමෙන් පාකිස්තාන පිල අසරණ වූ අතර ඔහුට තරගයේ වීරයා සම්මානය හිමිවිය.

දෙදෙනා අතර සංවාදය ක්‍රිකට් ගැනය. බිරිය ඇසූ ප්‍රශ්නයට ස්වාමියා පැවසුවේ “එය හොඳ දවසක්. තණතිල්ල තරමක් වෙනස්. පන්දුවේ දෝලනයත් අඩු වුණා. නමුත් අපි පීඩනය දිගටම තියාගෙන පාකිස්තාන පිතිකරුවන් අවුල් කරන්න සමත් වුණා. අපි කිසිම අවස්ථාවක බය වුණේ නැහැ” යනුවෙනි.

ක්‍රීඩා මාධ්‍යවේදිනි ක්‍රිකට් තරග ඉදිරිපත් කිරීම පිළිබඳ පළපුරුද්දක් ඇති සංජනා මයික්‍රෆෝනයට ද ඉතා දක්ෂ වූවාය. ඇය නිරූපිකාවක් ලෙස සිය වෘත්තිය ජීවිතය ආරම්භ කළ ද, Star Sports ක්‍රීඩා නිවේදිකාවක ලෙස ප්‍රසිද්ධියට පත්වූවාය. මෙවර ඇය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඩිජිටල් නිෂ්පාදක කණ්ඩායමේ සේවය කරන්නීය.

සංජනා සුදු ගවුමකින් මයික්‍රොෆෝනය අල්ලගෙන ඉන්දියාවේ ජර්සිය ඇදගත් බුම්රා ඉදිරියේ ප්‍රශ්න අසන්නට විය. සම්මුඛ සාකච්ඡාව අවසානයේදී, සංජනා බුම්රාට ස්තූති කරමින් පැවැසුවේ, ඉක්මනින් හමුවෙමු යනුවෙනි. ‘විනාඩි 30කින් හමුවෙමු’ බුම්රා පැවැසීය. සංජනා මහ හඩින් සිනාසුණේ තම ජීවන සහකරුගේ එවැනි පොරොන්දු ඇයට හුරුපුරුදු නිසාවෙනි. ඔහු පිටත්ව යද්දී පිටුපසින් ගොස් බුම්රා ඇමතූ සන්ජනා ‘රාත්‍රී කෑමට මොනව ද?’ යනුවෙන් අසද්දී කැමරාව වෙනත් දිශාවකට යොමු වුණි. ගෙදර නෝනා කෙනෙක් සම්මුඛ සාකච්ඡාවකට යැව්වාම වෙන දේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
2
+1
18
+1
2
+1
0
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button