Cricket NewsEXCLUSIVEIPL

Sanju Samson නැවතත් වනිඳු හසරංගගේ ගොදුරක් වෙයි – නැවතත් තරඟාවලියේ වැඩිම කඩුලු ලාභින් අතර පෙරමුණ වනිඳුට.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ වන විට තරඟාවලියේ PLAY-OFF හෙවත් තරඟාවලියේ අවසන් වටය ආරම්භ වී තිබෙන අතර තීරණාත්මක Qualifier 2 තරඟය Rajasthan Royals සහ වනිඳු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore අතර මේ වන විට ආරම්භ වී තිබෙනවා.

අද තරඟයේ කාසියේ වාසිය දිනාගත් Rajasthan Royals නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Royal Challengers Bangalore කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Royal Challengers Bangalore පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 158ක් පමණයි.

ඒ අනුව ලකුණු 159ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා Rajasthan Royals පිතිකරුවන් පිටියට පිවිස සිටිනවා.

මේ අතර Sanju samson අදත් ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රිඩක වනිඳු හසරංගගේ ගොදුරක් බවට පත් වුනා.

වනිඳු යොමු කල පන්දුවක් හමුවේ Sanju Samson ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට උත්සහ කල අතර ඒ අවස්තාවේ පන්දුව ඔහුගෙන් ගිලිහී කඩුලු රකින ක්‍රිඩක Dinesh Karthik අ⁣තට පන්දුව ගිය අතර ඔහු ස්ටම්ප් කිරීම මගින් Sanju දැවී ගියා.

වනිඳු හමුවේ ඉතා ඉක්මනින් දැවී යන ක්‍රිඩකයකු ලෙස Sanju Samson දැක්විය හැකි අතර.මෙම කඩුල්ල සමගින් මෙවර තරඟාවලියේ වැඩිම කඩුලු ලාබියා වීමට වනිඳුට හැකියාව ලැබුනා.

Sanju samson දැවී ගිය ආකාරය පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7