Cricket NewsEXCLUSIVEInternational

හැම තරගයක්ම දිනන්න බෑ, ඒත් අපි ලෝකයේ ඉහළම කණ්ඩායම් වලින් එකක් විය යුතුයි – බටහිර ඉන්දීය කොදෙව් එක්දින නායක ෂායි හෝප්

එක්දින තරගාවලියේදී ද දඟපන්දුව වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව බටහිර ඉන්දීය කොදෙව් එක්දින නායක ෂායි හෝප් හොඳින්ම දනී. එම භියෝගයට මුහුණ දීමට ඔහු හොඳින් සූදානම් වෙමින් සිටින සෙයකි.

“ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම විටම, ඒ තරගාවලියේදී දඟ පන්දුව සුවිශේෂී භූමිකාවක් ඉටු කරනු ඇතැයි යන අපේක්‍ෂාව සාමාන්‍ය දෙයක්. සිදුවන්නට යන දේ ගැන ඕනෑවට වඩා කලින් තීරණය කරලා ශ්‍රී ලංකාවත් එක්ක තරග කරන්න බෑ”

“අපි බලමු තණතීරුවෙන් ලැබෙන දේ මොකක්ද කියලා… ඒ ගැනත් අදහසක් තිබීම වැදගත්. නමුත් අවසානයේදී ලැබෙන්නේ ඔබ ක්‍රීඩා කරන දේම තමයි. ඒ හින්දා අපි ඕනෑම තත්ත්වයකට අනුගතවෙලා ක්‍රීඩා කිරීමට වග බලා ගන්න ඕනා” යයිබටහිර ඉන්දීය කොදෙව් එක්දින නායක ෂායි හෝප් මාධ්‍ය වෙත පැවසීය.

දශක කිහිපයකට ඉහතදී ක්‍රිකට් ක්‍රීඩාවේ අතිශය භයංකාර බලවේගයක් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට නැවතත් ඔවුන්ගේ පැරණි කීර්තිය කරා යා හැකි බවට විශ්වාසයක් ශායි හෝප්ට ඇත.

“සමහර වෙලාවට දේවල් සිදුවන්නේ එහෙම තමා. හැම තරගයක්ම දිනන්න බෑ”
“ඒත් අපි ලෝකයේ ඉහළම කණ්ඩායම් වලින් එකක් විය යුතුයි. ඒ සඳහා අපි කණ්ඩායමක් ලෙස ස්ථාවර විය යුතුයි. අපි සූදානම් වීමේදී වගේම පිට්ටනියට යන විටත් මීටවඩා නිර්දය විය යුතුයි” හෝප් පැවසුවේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු තබාගනිමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button